මාලකට නයිට් ක්ලබ් යන්න අධිකරණයෙන් අවසර නෑ

Published in පුවත්
Saturday, 28 March 2015 08:16

රාත‍්‍රි සමාජ ශාලාවලට ඇතුල්වීමට අවසර දෙන මෙන් හිටපු ඇමති මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා කළ ඉල්ලීමක් කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය ඊයේ(27) නැවත ප‍්‍රතික්ෂේප කළේය.

බ්‍රිතාන්‍ය ජාතික යුවළකට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනගාර ගත කර සිටි මාලක සිල්වා මහතාට ඇප නියම කිරීමේදී කොන්දේසි දෙකක් අධිකරණය විසින් පනවා තිබුණි.

එක් ඇප කොන්දේසියක් පනවා තිබූ අතර තවත් ඇප කොන්දේසියක් අධිකරණය විසින් පනවා තිබිණ.

රාත්‍රී සමාජ ශාලා වලට ඇතුළුවීම වළක්වාලමින් පැනවූ ඇප කොන්දේසිය ඉවත් කිරීම ප්‍රතික්ෂේප කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා පැවසුවේ අදාළ ඇප කොන්දේසිය සැකකරුගේ සහ සමාජයේ ආරක්ෂාව වෙනුවෙන් පනවා ඇති බවයි.

කෙසේ වෙතත් මහජනතාව ප්‍රසිද්ධියේ රැස්ව සිටින ස්ථාන වල ඔවුන් බියගන්වන ආකාරයෙන් හැසිරීම වළක්වාලමින් පනවා තිබූ ඇප කොන්දේසිය ඉවත් කිරීමට අධිකරණය තීරණය කළේය.

සබැදි පුවත්

මාලක අධිකරණය බල්ලට දමා ආයෙත් නයිට් ක්ලබ් යයි

 

Last modified on Saturday, 28 March 2015 10:17

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us