රජයේ වංචා සහ දූෂණ පිළිබඳ කරුනු ඇතුළත් ලිපිගොනු දහසක් තමන් සතුව පවතින බව ජාතික හෙළ උරුමයේ ප‍්‍රධාන ලේකම් සහ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
විපක්ෂයේ ජනාධිපති පොදු අපේක්ෂක මෛත්රීපාල සිරිසේන මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු අද(30) ආරම්භ වීමට නියමිතව තිබේ.
ප්‍රවීණ මාධ්‍යවේදියෙකු මෙන්ම සිළුමිණ පුවත්පතේ හිටපු කතෘවරයෙකු වන සුජීව දිසානායක මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රිනි ජනප්‍රිය නිලි මාලනී ෆොන්සේකා මහත්මිය වත්මන් රාජපක්ෂ පාලනය කෙරෙහි කළකිරීමෙන් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ හේතුවෙන් එළැඹෙන ජනාධිපතිවරණයේදී ෆොන්සේකා මහත්මිය සහාය පළ කරන්නේ කාටදැයි යන්න පිළිබඳ දෙගිඩියාවකින් සිටින බවද සඳහන්ය.
දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකු වන රාජා පුගනේෂ්වරන් මහතා අද එක්සත් ජාතික පක්ෂයට එක් වුයේය.
පොදු අපේක්ෂක මෛත්රීපාල සිරිසේන සමඟ නුදුරු දිනෙකදී එකඟතා ගිවිසුමක් අත්සන් කර ඔහුට සහාය ලබාදීමට ජාතික හෙළ උරුමය තීරණය කළ බව එහි සභාපති පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ප‍්‍රකාශ කළේය.
තලාව සහ මිහින්තලේ ප්‍රාදේශීය සභා වල විපක්ෂ නායකවරුන් ආණ්ඩු පක්ෂයට එක්වී තිබේ.
යුධ හමුදාව හා බ‍්‍රවුන්ස් සමාගම එක් වී කන්දකාඩු වනාන්තරය වනසයි
Published in
පුවත්
Saturday, 29 November 2014 11:48
සෝමාවතිය ජාතික වනෝද්‍යානය හා ත‍්‍රිකෝණමඩු ස්වභාව රක්ෂිතය අතර කන්දකාඩු ප‍්‍රදේශයේ පිහිටි මහවැලි ගෙ`ග් පිටාර තැනි හා ගංගාශ‍්‍රිත වනාන්තර ලෙස ව්‍යාප්ත ව ඇති මහවැලි අධිකාරියට අයත් සුවිශේෂී වනාන්තර අක්කර 11400ක් යුධ හමුදාව විසින් නීති විරෝධී ලෙස පවරාගෙන විවිධ ආයතනවලට බදු දීම සිදු කරනු ලැබේ. මේ වන විට තිස්තුන් අවුරුදු බදු පදනම මත යුධ හමුදාව විසින් බ‍්‍රවුන්ස් සමාගමට වනාන්තර අක්කර 1000ක් බදු දී තිබේ. තවත් වනාන්තර අක්කර 6000ක් මරිනා සමාගමට බදු දීමට සූදානම් වේ.