මහාචාර්ය සේනක බිබිලේ 37 වන ගුණානුස්මරණය ඊයේ (29) කොළඹ සමාජ හා සාමයික කේන්‍ද්‍රයේදී පැවැත්විණි.

ත්‍රස්ත විමර්ශන අංශයේ රඳවා සිටින දේශපාලන අතුරුදහන් වීම් වලට එරෙහි ක්‍රියාධාරිනියක වන ජයකුමාරි බාලේන්ද්‍රන් නිදහස් කරන ලෙස ඉල්ලා මානව හිමිකම් ක්‍රියාකාරීන් (29)සඳුදා කොළඹ දී විරෝධතාවක් පවත්වනු ලැබීය.

වඳුරන් රිලවුන් වැනි සතුන් තනිවම හම්බ කර ගෙන කන්නේ නම් උසස් මනසක් හා ශක්තියක් ඇති මිනිසාට එසේ කිරීමට නොහැකි මන්දැයි අගමැති දිමු ජයරත්න ප‍්‍රශ්න කරයි.

ඉස්ලාමීය සහයෝගීතා සංවිධානයේ මහ ලේකම් ඉයාඩ් මදනී ශ්‍රී ලංකාවට  පැමිණීමට නියමිත බව අරාබි පුවත් සේවය සඳහන් කරයි.
වසර 2015 ආරම්භයේ සිට රැඳවියන් සඳහා දුරකථන පහසුකම් ලබාදීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. 
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉකුත් දා පැවති නිලවරණය සම්බන්ධයෙන් එම සංගමයේම සාමාජිකයින් පිරිසක් පවරා තිබූ නඩුව අද(29) අවසන් කෙරුණා.

තමාට පොලිස් සැරයන්වරයා විසින් අමානුෂික ලෙස පහරදෙනු ලැබුවේ ඔහුත් සමග යහන්ගතවීමට නොගිය නිසා බව රත්නපුර නගරයේදී පහරකෑමට ලක්වූ ස්ත්‍රීය පවසයි.

දූෂණ චෝදනා මත ජයලලිතාට සිරදඬුවම් නියම වීම හේතුවෙන්, තමිල්නාඩු ප්‍රාන්තයේ නව මහ ඇමති ලෙස ඕ. පනීර්සෙල්වම් අද (29දා) දිවුරුම් දුන් අතර, සිය දිවුරුම්දීම අතරතුර හෙතෙම හඬා වැටුණු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ld add copy

Connet With Us