19 ට එරෙහිව හෙළ උරුමයත් අධිකරණයට යයි

Published in පුවත්
Tuesday, 31 March 2015 07:52

දහනම වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව නඩු මගට බැසීමට ජාතික හෙළ උරුමය තීරණය කරයි. මේවන විට දහනම වැනි වන ව්‍යවස්ථා සශෝධන කෙ‍ටුම් පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 12ක් ඉදිරිපත්ව තිබෙන බව වාර්තාවේ.

ජන මතය විමසීමකින් තොරව ජනාධිපතිවරයා සතු ඇතැම් බලතල ඉවත් කිරීමට පාර්ලිමේන්තුවට ඉඩ නොදෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු කරන බව ජාතික හෙළ උරුමය බීබීසීයට කියා සිටියේය.

මේ පිළිබඳව කළ විමසීමක දී කැබිනට් අමාත්‍ය චම්පික රණවක කියා සිටියේ ජනාධිපතිවරයා සතු ඇතැම් බලතල ඉවත් කිරීමට පෙර ජනමතය විමසීමක් නොකළහොත් එය 'ව්‍යවස්ථා කුමන්ත්‍රණයක්' බවට පත් වන බවයි.

'ව්‍යවස්ථා කුමන්ත්‍රණයක්'

‘ජනාධිපතිවරයාගෙන් ආණ්ඩුවේ ප්‍රධානියා කියන එක ඉවත් කරනවා නම් ඒකට ජනමතවිචාරණයක් අවශ්‍යයි. මොකද, ජනාධිපතිවරයා ජනමතයෙන් පත් වන කෙනෙක්. පරමාධිපත්‍යය තියෙන්නේ ජනතාව සතුව. ඒ නිසා පරමාධිපත්‍යයට අදාළ බලයක් ඉවත් කරනවානම් ඒක ජනතාවගෙන් ඇසිය යුතුයි. ජනතාව කැමතිනම් ඒක ප්‍රශ්නයක් නැහැ. කිහිප දෙනෙකුට එකතුවෙලා ඒක වෙනස් කරන්න බැහැ. එහෙම වුනොත් ඒක ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් වෙනවා.’ අමාත්‍ය චම්පික රණවක පැවසීය.

මේ වන විට පාර්ලිමේන්තු අනුමැතිය සඳහා යොමු කර ඇත්තේ සියලු දෙනා එක් වී සකස් කර ගත් ව්‍යවස්ථා සංශෝධනය නොවන බවත් එය කිසිසේත්ම අනුමත වීමට ඉඩ නොදෙන බවත් ඇමතිවරයා කියා සිටියේය.

‘කළ හැකි එකම දේ තමයි ජනාධිපතිවරයා සතු අත්තනෝමතික බලතල ඉවත් කිරීම. එවැනි බලතල අටක් අපි හඳුනාගෙන තියෙනවා. ඇමතිවරු ඕන ගානක් පත් කරන්න තියෙන අයිතිය, ඕනෑම කෙනෙක් ඇමතිවරයෙක් කරන්න තියෙන අයිතිය, පාර්ලිමේන්තුවට වග නොකියා කටයුතු කිරීමට සහ එය විසුරුවන්න තියෙන අයිතිය, අධිකරණ විනිසුරුවන් සහ අමාත්‍යංශ ලේකම්වරුන් පත් කිරීමට ඇති අයිතිය, ජනාධිපතිවරයාට නඩු පවරන්න බැරි නීතිය. මෙන්න මේ වගේ කාරනා අටක් අපි හඳුනා ගත්තා.’ ඔහු පැවසීය.

අහස් මාලිගා

ජනාධිපතිවරයා සතුව තබා ගත යුතු බවට ඇතැම් බලතල තමා හඳුනා ගෙන තිබේදැයි මෙහිදී බීබීසීය ඇමතිවරයාගෙන් ප්‍රශ්න කර සිටියේය.

‘පැහැදිලිව ම ඔව්. ජනාධිපතිවරයා අනිවාර්යයෙන්ම සේනාධිනායක. ඔහු රටේ ආරක්ෂාවට වග කිව යුතුයි. ඒ වගේම රටේ විධායක බලය කොටස් දෙකකට බෙදී ගිහින් තියෙනවා. එකක් පළාත් සභාවල විධායක බලය, අනික ආණ්ඩුවේ විධායක බලය. ආණ්ඩුවේ විධායක බලය බෙදා හදා ගන්න පුළුවන්. නමුත් පළාත් සභාවල විධායක බලය එහෙම බෙදා ගන්න බැහැ. ඒක ආණ්ඩුකාරවරුන් යටතේ ජනාධිපතිවරයා සතුව තිබිය යුතුයි.’ චම්පික රණවක ඇමතිවරයා පැහැදිලි කළේය.

‘කළ හැකි එකම දේ තමයි ජනාධිපතිවරයාගේ ඒකාධිපති බලතල ඉවත් කරලා ඒක ප්‍රජාතන්ත්‍රකරණය කිරීම. ඒ වගේම ජනාධිපති ධූරයත් පාර්ලිමේන්තුවත් අධිකරණයත් අතර සමබරතාවයක් ඇති කර ගැනීම. ඒ සඳහා ප්‍රයෝගිකව වැඩ කිරීම තමයි අපේ යෝජනාව. අහස් මාලිගාවලින් වැඩක් නැහැ.’ පාඨලී චම්පික රණවක තවදුරටත් පැවසීය.


- බිබීසි ඇසුරෙණි

Last modified on Tuesday, 31 March 2015 08:02

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us