නිමල්ව අගමැති කරන්න, මහින්ද වේදිකාවට පැමිණිය යුතුයි - දුමින්ද

Published in පුවත්
Tuesday, 31 March 2015 08:09

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරි මහ මැතිවරණයේදී අගමැති අපේක්‍ෂකයා කරන්න යැයි යෝජනාවක් හෝ කිරීමට අයිතිය තිබෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට පමණක් බව වාරිමාර්ග අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

ඔහු ප්‍රකාශ කරන්නේ 1970දී ළාබාලම පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා දේශපාලන අත්දැකීම් අතිවිශාල ප්‍රමාණයක් ලබා තිබෙන නිසා වත්මන් දේශපාලන තත්ත්වය තේරුම් ගෙන විපක්‍ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා මීළඟ අගමැති කරවන මැතිවරණ වේදිකාවට මහින්ද රාජපක්‍ෂ මහතා එක්විය යුතු බවය.

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ප්‍රමුඛ සන්ධානය පරාජයට පත්වීමටත්, සන්ධානයට පාර්ලිමේන්තුවේ හිමිව තිබූ තුනෙන් දෙකේ බලය අහිමි වීමටත්, පළාත් සභාවල බලය අහිමි වීමටත්, පළාත් පාලන ආයතනවල සන්ධානයේ බලය අහිමි වීමටත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වගකිවයුතු බවත් දිසානායක මහතා පවසයි.

කිසිවකු නොඉල්ලූ අවස්ථාවක ජනාධිපතිවරණයක් කැඳවූ හිටපු ජනාධිපතිවරයා පරාජයට පත් වුවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ වත්මන් සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉන් ජයග්‍රහණය කළ නිසාවෙන් තමන් පරාජයට පත්වූවා යැයි ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයන්ට නොසිතෙන බවත් දුමින්ද දිසානායක මහතා කීය.

ඔහු එසේ ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා නිදහස් තරුණ පෙරමුණේ ක්‍රියාකාරිකයන් පිරිසක් එම පක්‍ෂ මූලස්ථානයේදී ඊයේ (30) මුණගැසුණු අවස්ථාවේදීය. එම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම් අනුර ප්‍රියදර්ශන යාපා, ශ්‍රී ලංකා නිදහස් තරුණ පෙරමුණේ සභාපති නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර, එම පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි එරික් වීරවර්ධන ඇතුළු පාර්ලිමේන්තු, පළාත් සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයන් රැසක් සහ ශ්‍රී ල. නි. ප. තරුණ පෙරමුණේ සාමාජිකයෝ රැසක් සහභාගි වී සිටියහ.

අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය කිසිම මැතිවරණයකදී අගමැති අපේක්‍ෂකයෙක් නම් කරමින් තරග නොවැදුණු බවත්, වරක් තමන්ගේ මාමණ්ඩිය වූ හිටපු අග්‍රාමාත්‍ය දි. මු. ජයරත්න මහතා අගමැති ධුරයට පත්වීමට ඇඳුම් පවා මසාගෙන සිටියේ යැයි මාධ්‍යවල පවා පළ වුවද එවර ඔහුට අගමැති ධුරය ලබා නොදී රත්නසිරි වික්‍රමනායක මහතාට එම ධුරය ලබා දීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කටයුතු කළ බවත්ය.

තත්ත්වය එසේ තිබියදීත් මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති කළ යුතු යැයි ඇතැම් සුළු පක්‍ෂ කිහිපයක් හන්දියක් හන්දියක් කරා ගොස් රැස්වීම් පැවැත්වීම විහිළු සහගත බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. එහිදී අමාත්‍යවරයා මෙසේද කීය.

ඊළඟ ඡන්දෙදි අපිට තියෙන ලොකුම ශක්තිය තමයි මහින්ද රාජපක්‍ෂ මහත්තයත්, චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියත්, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාත් එකම වේදිකාවකට එන එක. ඒ ක්‍රමයට අපි ඉදිරි ඡන්දෙට ආවොත් අපේ ජයග්‍රහණය විජයග්‍රහණයක් වෙනවා.

ඊළඟ ඡන්දෙදි එක්සත් ජාතික පක්‍ෂයත්, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු පක්‍ෂ රැසක් එක්ක අපි තරග කරන්න ඕන. ඒ සඳහා අපි ජනප්‍රියම නායකයෙක් තෝරගන්න ඕන. ඒ සඳහා අපි බහුතරය එක්ක යන්නත් ඕන. ජනවාරි 8 වැනිදා මහින්ද රාජපක්‍ෂ මහත්තයා පරද්දලා මෛත්‍රිපාල සිරිසේන මහත්තයා දිනුවා. අපි ඒක දැන දැනත් ඊළඟ ඡන්දෙදි පැරැදුණු කෙනෙක්ව මාර්කට් කරන්නේ කොහොමද? හැබැයි ඒ ගමන යන්න අපට මහින්ද රාජපක්‍ෂ මහත්තයාගේ ශක්තිය ඕන. ඒත් මහින්ද රාජපක්‍ෂ මහත්තයා නැතිව ඉස්සරහට යන්න බැහැ කියන කතාව බොරු. කාටවත් මැරෙනකම් ජනාධිපතිකම් කරන්න බැහැ. දෙපාරක් කරපුවාම ගෙදර යන්න ඕන. ඒක අපේ මෛත්‍රිපාල ජනාධිපතිතුමාටත් පොදුයි.

මීළඟ ඡන්දෙදි ශ්‍රී ල. නි. ප. ය ශක්තිමත් කරනවා කියලා මෛත්‍රිපාල ජනාධිපතිතුමා පොරොන්දු වෙලා තියෙද්දීත් ඇයි මේ ප්‍රශ්න දාගන්නේ.

දැන් සමහරු ජාතික ආණ්ඩුවට ‍දොස් කියනවා. ඒ ගැන ප්‍රශ්න කරනවා. ඒත් එදා ආණ්ඩුවේ ඇමැතිකම් තිබුණු විදිය ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. එදා කවුරුහරි කොළ කමිසය ගලවලා නිල් කමිසය ඇඳගත්තොත් එයාට ඇමැතිකමක් දුන්නා. ඉතින් අද අපි නිල් කමිසය ඇඳගෙන ඇමැතිකම් දරනවා. යූ. ඇන්. පී. යේ අය කොළ කමිසය ඇඳගෙන ඇමැතිකම් කරනවා. එදා ආණ්ඩුවෙයි අද ආණ්ඩුවෙයි ඇමැතිකම් කෙරුවෙ එහෙමයි.

එහෙම තිබුණත් ඊළඟ ඡන්දෙදි අපේ පක්‍ෂය දිනවන්න පක්‍ෂයේ සභාපතිතුමා අනිවාර්යයෙන්ම ශක්තිය දෙනවා. ඒ ජයග්‍රහණය පක්‍ෂයට ලබාදෙන්න තමයි එතුමා පක්‍ෂයේ සභාපති ධුරය ගත්තේ. දැන් බලන්න හිටපු ජනාධිපතිතුමාව අගමැති කරන්න කියලා කෑගහන්නේ කවුද කියලා. විමල්ට පුළුවන්ද තනියෙන් ඇවිත් ඡන්දයක් දිනන්න. එයාට බෑනේ. ඌවට තනියෙන් ඇවිත් එයාට වෙච්චි දේ හැමෝම දැක්කනේ. මේ අය රැකෙන්න තැනක් විදියටයි මහින්ද මහත්තයා ළඟට යන්නේ.

මහින්ද මහත්තයා කියනවනේ ඊළඟ ඡන්දෙදි ශ්‍රී ල. නි. ප. යට උදවු කරනවා කියලා. එහෙම ඇත්තටම උදවු කරනවා නම් විමල්ලාට කියන්නේ නැත්තේ ඇයි මේ කරන වැඩේ වැරැදියි කියලා.
කොහොවත් යන පක්‍ෂවලට තැනක් හදන්න ශ්‍රී ල.නි.ප.ය භේද භින්න වියයුතු නැහැ යැයි අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවැසීය.


mawbima

duminda-2

duminda-3

Last modified on Tuesday, 31 March 2015 08:14

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us