දිවයින පුරා රෝහල් වල අතුරු හා පරිපූරක වෛද්‍ය සේවාවන්ට අයත්  සේවකයින්  අද (30) උදෑසන 7 සිට එක්දින සංකේත වැඩ වර්ජනයක නිරත වන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප‍්‍රිය මහතා පවසයි. 
පාර්ලිමේන්තු මන්ත්‍රි ධුර 162ක් සමඟ තුනෙන් දෙකක බලයක් තිබුණු ආණ්ඩුවට මේ වන විට එම බලය අහිමි වී මන්ත්‍රි ධුර සංඛ්‍යාව 140 දක්වා අඩු වී තිබේ. ආණ්ඩුවේ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රිවරු 24 දෙනකු විපක්ෂයට එක් වී ඇති අතර විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු දෙදෙනකු ආණ්ඩුවට එක්ව තිබේ.

ඔබයි අපේ රජා, ඔබ අපට දෙවියෙක්‌ ආදී වැකි ඇතුළත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ගුණ වර්ණනා කරමින් තමා පැවැත්වූ කතාවක්‌ නැවත විකාශනය කිරීම වළක්‌වන වාරණ නියෝගයක්‌ දෙරණ, ශ්‍රී ලංකා රූපවාහිනිය, හිරු සහ ස්‌වර්ණවාහිනිය යන විද්යුත් මාධ්‍ය ආයතනවලට නිකුත් කරන්නැයි ජනාධිපතිවරණ පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ඉල්ලීමක්‌ කොළඹ දිසා අධිකරණ විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මිය ප්‍රතික්‍ෂේප කළාය.

බොදු බල සේනා සංවිධානය මෙම සතිය තුලදී යළිත් වතාවක් මුස්ලිම් ජාතිකයන්ට එරෙහිව කැරළි ගැසීමේ සූදානමක පසුවන බව එම සංවිධාන ආරංචි මාර්ග පවසයි.

එළඹෙන ජනාධිපතිවරණයේදී දෙමළ ජාතික සන්ධානයේ සහය ලබා දෙන්නේ කවර පාර්ශ්වයකටද යන්න ගැන අද දින නිලවශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. අද පෙරවරු 10.00ට් පැවැත්වෙන විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව හෙළි කෙරෙනු ඇත.

ජාතික හෙළ උරුමය හා විවාදයකට එන්නැයි කළ ආරාධනාව පිළිගත් උදය ගම්මන්පිල මහතා දැන් එය මග හරින්නේ ජාතික හෙළ උරුමය ඉදිරියේ ඔහුගේ නිරුවත හෙළිවේ යෑයි බියට පත්වී සිටින නිසා බව ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ප්‍රකාශක බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා පැවසීය.

දඹුල්ලේ අද(29) පැවැති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රැලියේ දී දඹුල්ල මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති කුසුම්සිරි ආරියතිලක සහ නාගරික මන්ත්‍රී එච් එම් රූපසිංහ මහත්වරු පොදු අපේක්ෂකට සහාය දැක්වීම සඳහා විපක්ෂයට එක්වූහ.

 

සමාජය හා සම්මතය විසින් මිනිසුන්ගේ ස්වාභාවික ලිංගික හැසිරීම් හා ක්‍රියාකාරකම් මැදින් ගසා තිබූ සීමාවන් 1960 කාලය මැද භාගයේදී බටහිර රටවල කෙමෙන් වෙනස් වන්නට වුණා. අදරය, සම්බන්ධකම්, විවාහය, ලිංගික අවශ්‍යතා ඉටු කර ගැනීමේදී තිබුනු සමාජමය සීමාවන් ප්‍රශ්න කිරීම 1960 දී විශ්වවිද්‍යාල හා තරුණ කණ්ඩායම් අතරින් ආරම්භ වුණා.

 

ld add copy

ක්‍රීඩා

Connet With Us