ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රකාශය ලෙස එළිදැක්වීමට තිබූ 'තුන්කල් දැක්ම'ට සිදුවූ දෙයක් නොමැති බවත් තුන්කල් දැක්ම නිර්මාණය කළ පුද්ගලයා අභ්‍යන්තර අර්බුද නිසා මැතිවරණ වේදිකාවෙන් පවා අතුරුදන් වී ඇති බවත් විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා පැවැසුවේය.

ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ තමන්ගේ ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් කුඩා පාසල් දරුවන්ද රවටමින් සිටී. මේ සමඟ වන ඡායාරූපයෙන් දැක්වෙන්නේ කුඩා පාසල් දරුවන් වෙත මේ වන විට බෙදාහරිමින් තිබෙන පාසල් ගමන් මල්ලකි.

ආණ්ඩුකාරවරුන්, රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු රාජ්‍ය සේවකයන් ප්‍රසිද්ධියේම මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට සම්බන්ධ වෙමින් සිටීම ඉතා අවාසනාවන්ත තත්වයක් බව මැතිවරණ නිරීක්ෂකයෝ පවසති.

එළඹෙන ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් වීමෙන් පසු යළිත් වතාවක් ආණ්ඩුව සමග සාකච්ඡා කිරීමට අවකාශයක් පවතින බව විපක්ෂයට එක් වූ මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් පවසයි.

අද (28)මීට මොහොතකය පෙර අනුරාධපුර, රාජාංගන ප්‍රදේශයේ නාමල් රාජපක්ෂගේ නිල්බලකායේ ‍බැටෑලියන් එක ඡන්ද ප්‍රචාරක කටයුතුවල නිරතව සිටීයේය. මේ එම කටයුතු අතරේදී ගත් ගත් ඡායාරූපයකි .

මෙම වසරේ ශ‍්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් ප‍්‍රමාණය අද (28)පහළොස් ලක්‍ෂයේ කඩඉමට ළඟාවුණි.

ජනාධිපති මහින්ද රාජපක්ෂගේ වසර 9ක පාලනය අවසන් කරමින් සන්ධාන ආණ්ඩුවෙන් තවත් පිරිසක් හෙට දිනයේ සිට ආණ්ඩුවෙන් ඉවත් වීමට තීරණය කර තිබේ. අද දිනයේදී මුස්ලිම් කොන්ග්‍රසයේ සහයද සිරිසේන මහතාට හිමිවන බව නිල වශයෙන් ප්‍රකාශයට පත්විය.

ඉදිරි ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පවසයි.

 

ld add copy

ක්‍රීඩා

Connet With Us