ආක්ෂා සුදාරිගේ බැංකු ගිණුම් ගනුදෙනු අත්හිටුවයි

Published in පුවත්
Friday, 31 July 2015 09:59

ඉන්දීය ජාතිකයෙකු සමඟ පෙම් සබඳතාවක් පවත්වාගෙන යමින් ඔහුගෙන් රුපියල් 14 කෝටියකට අධික මුදලක් වංචා කළැයි ටෙලිනාට්‍ය නිළි ආක්ෂා සුදාරිගේ (28) බැංකු ගිණුම් ගනුදෙනු අත්හිටුවන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (30දා) නියෝග කළේය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ එම්. බී. පෙට්‍රෝලියම් ආයතනයේ ප්‍රධාන ගණකාධිකාරී තමිල්නාඩුවේ චෙන්නායිහි හි පදිංචි ගෝපිරාජ් කවලංගිල් වඩකිප් නම් පුද්ගලයා සමග ආක්ෂා පෙම් සබඳතාව පවත්වා තිබේ.

අවුරුදු 54ක් වයසැති ගෝපිරාජ් ඇය විවාහ කර ගැනීමේ අපේක්ෂාවෙන් වටිනා භාණ්ඩ රැසක් තමාට ලබා දුන් බව ඇය හෙලිකල බව රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.

නමුත් මේ මුදල් වැය කළ ආකාරයය ප්‍රකාශ කිරීමට ආක්ෂා අපොහොසත් වී ඇත.

ඒ නිසා මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ මේ පිළිබචව විමර්ශන කරන බව රහස් පොලිසි අධිකරණයට දැන්වීය.

මේ වන විට ආක්ෂා සුදාරි රුපියල් 25000ක මුදල් හා රුපියල් තුන් කොටියක ශරීර ඇප මත මුදාහරිනු ලැබ ඇත.

සබැදි පුවත්
ආක්ෂා සුධාරි සහ ස්වයං වින්දනයේ යෙදෙන මාධ්‍යකරුවන්

ආක්ෂා සුධාරිට ලක්ෂ 300ක ශරීර ඇපයක්

 

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us