රාජිත සේනාරත්න මහතාගේ බාල පුත්‍රයා විසින් දැරියක පැහැරගෙන ඇති බව කියමින් විපක්ෂයේ ඇතැමුන් ගෙන යන ප්‍රචාරවල සත්‍යයක් නැති බවත් තමන්ට හා පුතාට චෝදනා කරන වුන් දවසට එකා ගනනේ ගැහැනුන් පාවිච්චි කරන මුත් තම පුත්‍රයා ආදරය කරන්නේ එක ගැහැනු ළමයකුට පමණක් බවත් ඔහු පවසයි.

රාජපක්ෂ පාලන සමයේදී වංචා සහගත ලෙස අත්පත් කර ගන්නා ලද රාජ්‍ය වත්කම් ආපසු ලබා ගැනීම සඳහා විශේෂ ජනාධිපති කාර්යසාදක බලකායක් පිහි‍ටුවයි.

19 වන ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පතක් ලෙස ප්‍රකාශයට පත්කිරීම තුළ එමගින් ඔහු බලයට ගෙන ආ පුරවැසියන්ව කොතෙක් දුරට ආමන්ත්‍රණය කර තිබේද යන්න පිළිබද අර්බුධයක් බවතින බව ගාමිණී වියන්ගොඩ මහතා සදහන් කළේය. ඔහු මේ අදහස් දැක්වූයේ අද (19) පුරවැසි බලය සංවිධානය මගින් පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.

ඔලිම්පික් පදක්කම්ලාභී සුසන්තිකා ජයසිංහ ගේ පුතු රාජකීය විද්‍යාලයට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටලුකාරී තත්ත්වය විසඳමින් එම දරුවා රාජකීය විද්‍යාලයට ඇතුළත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

අතුරුදහන් වූවන් පිළිබඳ කොමිසම විසින් අතුරුදහන් වූවන් සොයා දෙනවා වෙනුවට එම මාපියන්ට කුකුලන් සහ එළුවන් ලබා දීමට පොරොන්දු වී ඇතැයි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්දිරම් මහතා පවසයි.

දූෂණ චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රී සරණ ගුණවර්ධන මහතාගේ සුවදුක් විමසීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද(19) මහර බන්ධනාගාරය වෙත පැමිණියේය.

දකුණු අප්‍රිකානු නිදහස් අරගලයේ ප්‍රමුඛ පෙලේ ක්‍රියාකාරිකයෙකු වන නවසීලන්ත ජාතික මයිකල් ලැප්ස්ලි පියතුමා මෙම මස 21වන දින ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ. මයිකල් පියතුමා ලෙස අප්‍රිකානු ජනතාව හඳුන්වන එතුමා වර්ණ බේද වාදයට විරුදධව හඬ නැගුවෙකි. නවසීලන්ත ජාතිකයෙකු වන මයිකල් පියතුමා 1973 වසරේ දකුණු අප්‍රිකාවේ ඩර්බන් නගරයට පැමිණෙන්නේ උපාධි අපේක්ෂකයෙකු ලෙසයි.

'මාළුවා' හෝ 'බෝට්ටු'ව ලකුණින් ධීවර දේශපාලන පක්ෂයක් ආරම්භ කිරීමට වයඹ බටහිර වෙරළ තීරයේ ධීවර ගම්මාන රැසක ධීවරයන් තීරණය කර ඇත.

ld add copy

Connet With Us