මැතිවරණ නීති කැඩූ 170 ක් අත්අඩංගුවේ

Published in පුවත්
Wednesday, 29 July 2015 10:35

ඉදිරි මහ මැතිවරණයට අදාලව නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් 170 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අැත. මේ සම්බන්ධව සිදුකල වැටලීම් 89 කදී මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප‍්‍රකාශ කලේය.

එමෙන්ම නීති විරෝධී මැතිවරණ ප‍්‍රචාරක කටයුතු වලට යොදා ගත් වාහන 57ක් ද පොලිස් භාරයට ගෙන තිබේ. මේ අතර මහ මැතිවරණයට අදාල පැමිණිලි 64 ක් ද පොලීසිය වෙත වාර්තා වී ඇති බව රුවන් ගුණසේකර මහතා සඳහන් කලේය. ඊට අදාලව පුද්ගලයින් 27 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මහා මාර්ගවල නීති විරෝධී මැතිවරණ ප‍්‍රචාරක කටයුතු කරන්නන්ට මැතිවරණ නීතියට අමතරව මංමාවත් පනත හරහා ද නීතිමය පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මේ අතර මැතිවරණයට අදාල පැමිණිලි 528 ක් ලැබී ඇති බව පැෆ්රල් සංවිධානය පවසයි. ඒවායින් ප‍්‍රචණ්ඩ කි‍්‍රයා 47 ක් සහ රාජ්‍ය දේපළ අව භාවිතය පිළිබඳ සිද්ධින් 86 ක් ද තම සංවිධානය වෙත ලැබි ඇති බව එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේය.

මේ අතර මැතිවරණ මහලේකම් කාර්යාලය වෙත ද පැමිණිලි 663 ක් ලැබී තිබේ. ඉන් පැමිණිලි 154 ක් වාර්තා වන්නේ පත්වීම් උසස් වීම් ආදිය ලබා දීම සම්බන්ධයෙන්ය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us