පසුගිය සතිය තුළ පුද්ගලයන් 200ට පමණ ද්විත්ව පුරවැසිභාවය ලබා දුන් බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.

සම්පූර්ණයෙන්ම දෙනෙත් අන්ධව අසරණභාවයට පත්ව සිටින අයෙකුට පවා කිසිවෙකුගේ ආධාරයක්, උපකාරයක් නොමැතිව තමාගේ එදිනෙදා ඕනෑම කටයුත්තක් සිදුකිරීමට මහෝපකාරී වන ලොව අරුම පුදුම ඇස් කණ්ණාඩියක් නිපදවීමට ශ්‍රී ලාංකික තරුණයකු සමත්වී තිබේ. “ආර්ටිපිල් අයි” නම් වන මේ ඇස් කණ්ණාඩිය නිපදවා ඇත්තේ අක්කරෙයිපත්තුව පදිංචි යූ. එල්. එම්. අහස් නම් තරුණයාය.

ඉන්ධන මිල ගණන් විශාල ගණනකින් අඩු කිරීම නිසා පසුගිය මාස තුනේදී ලංකා ඛනිජ තෙල් සංස්‌ථාවට රුපියල් මිලියන හාරදහසක (බිලියන 4 ක්‌) පාඩුවක්‌ සිදුවී ඇති අතර මෙම තත්ත්වය මත පෙට්‍රල් හා ඩීසල් මිල ඉහළ දැමිය යුතු බව සංස්‌ථාව මහා භාණ්‌ඩාගාරයට දන්වා තිබේ.

ඉකුත් ජනාධිපතිවරණ මැතිවරණ සමයේදී ඡන්ද අල්ලස් ලෙස සිල් රෙදි, ලිත්, ඇතුළු විවිධ ද්‍රව්‍යයන් බෙදා හරිමින් මහජන මුදල් සහ දේපළ අයථා පරිහරණය කිරීමට එරෙහිව ගොනු කර ඇති පෙත්සම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග ඇතුළු වගඋත්තරකරුවන්ට දෙවන වරටද නොතිසි යවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (06) නියෝග කෙළේය.

අම්පාර දිස්ත්‍රික්කයේ 2013 වසරේදී පවත්වනු ලැබු දැයට කිරුළ ප්‍රදර්ශනය සඳහා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී රුපියල් කෝටි 13කට අධික මුදලක් (රු.130,000,000) වංචා සහගතව හිටපු ආරක්ෂක ලේකම් නමින් ඇති ගිණුමකට චෙක්පත් තුනක් මඟින් අයුතු ලෙස මුදල් බැරකොට පරිහරණයේ යෙදී ඇති බවට පැමිණිල්ලක් ඊයේ (06දා) පෙරවරුවේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම් සභාවට ඉදිරිපත් කරනු ලැබීය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙසින් නම් කරන මෙන් ඉදිරිපත් වූ ඉල්ලීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යහපත් ප්‍රතිචාරයක් පළ නොකළ බව බිබිසී වාර්තා කරයි.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර පාර්ලිමේන්තුවේදී පැවති සාකච්ඡාව මීට සුළු මොහොතකට පෙර නිමාවට පත්ව ඇත.

සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ට තමන්ගේ ගිණුමේ පවතින ශේෂය තමන්ටම පරීක්ෂා කරගැනීමේ හැකියාව අද සිට හිමිවෙයි.

ld add copy

Connet With Us