ගූගල් සහ ගූ ඩීල්

Published in පුවත්
Tuesday, 28 July 2015 17:15

ගුගල් සමාගම ලංකාවට ආවේ අද ඊයේ නොවේ. එහෙත් අද ලොකු වැඩකටය. ඒ අලුත්ම වැඩකටය. ඒ ගැන් පුවත් ‍රැසක් මේවන විට පලව ඇති නිසා ඒ ගැන වැඩි යමක් නොපවසමු.

ගූගල් සමාගම පසුගිය වසරේ ජුනි මාසයේදීත් මෙලෙස ලොකු වැඩක් අරගෙන ලංකාවට ආවේය. කොළඹ හිල්ටන් හෝටලයේදී ගූගල් ලොක්කො මෙහෙ ආර්ථිකයේ ලොක්කා සමඟ තමන්ගේ ආයෝජන ව්‍යාපෘතිය ගැන කත කළේය. අපේ ලොක්කාත් ඊට ඉතසිතින් කැමැතු වූ නමුත් ඔහුට අවශ්‍ය වූයේ ඒ ව්‍යාපෘතියත් චීන ක්‍රමයට කරන්නටය.

චීනා, ගූගල් හෝ කවර සමාගමක් හෝ ආයෝජනයට මෙරටට එන්නේ තමුන්ගේ ලාබයද පෙරදැරි කරගෙනය. ඒ ලාබය අප ලබා දිය යුත්තේ ඉන් රටටද ලාබයක් අත්වේනම් පමණි. එහෙත් චීන ක්‍රමයෙන් වූයේ රටට කෙලවා රාජපක්ෂ පවුලේ ලාබය තර වීමය. චීනාට වැඩ දුන්නේ ලොකු කොමිස් කුට්ටියක් තමන්ගේ සාක්කුවට වැටෙන ලෙසය. චීනා ගනන් හැදුවේ ඒ කොමිස් මුදලත් එකතුකරය. දැන් චීනාට රට ණය ගෙවන්නේ මේ කොමිස් මුදලටත් එක්කය.

ගූගල් ලොක්කාටත් මේ ඩීල් එක ඉදිරිපත් වූ නමුත් ඒකා ඊට කැමැති වුණේ නැත. මොක්ද ගූගල්ට එහෙම කාටවත් කොමිස් දීලා වැඩ ඉල්ලා ගන්න අවශ්‍ය වූයේ නැති නිසය. ඒකා හිල්ටන් හෝටලයෙන් බැස කෙලින්ම ක‍ටුනායකින් අමරිකාව බලා ආපසු යන්නට ගියේය.

මේ ගැන එදා අසාද් සලි හෙලිකළේ මෙහෙමය.

"දැන් බලන්න.... විදේශිකයන් එනවා මේ රටට විනියම අරගෙන. මොනව හරි දෙයක් කරමු කියලා. ඌගෙනුත් කොමිස් ඉල්ලුව නම් ඌ ඉදියිද මේ රටේ. දැන් බලන්න ගූගල් කාරයා... ගූගල් ලංකාවට එනවා නම් කොච්චර කෝටි ගණන් මේ රටට වාසියක් තියෙනවද? අපේ දරුවෝ කී දෙනෙක් රක්ෂා කරයිද? ඇමෙරිකන් කාරයෝ තුන් දෙනෙක් ආවා. ඇවිත් සාකච්ඡා කළා ලංකාවේ බ්‍රාන්ච් එකක් පටන් ගන්න.

ඔක්කොම කතා කරලා වෙරි ගුඩ් වෙල් ඩන් වෙල් කියලා ඇහුවලු මට කියද තියෙන්නේ කියලා. තමුසෙට මොකටද ඕයි මම සල්ලි දෙන්නේ. තමුසෙත් මට සල්ලි දෙන්න ඕනි මෙහෙ එනවට කියලා නැගිටලා ගියා. මෙහෙම තමයි අර වැදගත් කොම්පැණි කාරයෝ ඇවිල්ලා මේ රට දාලා යන්නේ.

මේ තූත්තුකුඩියේ ඉදලා, චීනවල පේමන්ට්වල ඉන්න එවුන් ටික තමයි ලංකාවේ ප්‍රොජෙක්ට් කරන්නේ. ලංකාව දැන් චීනයේ කොළණියක් වෙලානේ තියෙන්නේ."

 

එදා මේ මෙගා ඩීල් වල ආදායම් ෂීශෙල්ස් හරහා ගියේය. දැන් නැවතත් අලුතෙන්ම වැඩේ පටන් ගනිමුයි කියමින් කට්ටිය සෙට් වී සිටී. හොරා කාලා පුරුදු එකා කවදාවත් හම්බුකරන් කන්න හුරුවන්නේ නැත. ඌ හැමදාමත් කරන්නේ හොරා කන එකමය.

ඔය කොයි වේසයෙන් ආවත් හොරා කෑම හැර වෙනකක් වෙන්නේ නැත. ගූගල් නොව ඊට වඩා එකෙකු ආවත් උන්ට කොමිස් නැත්නම් ගූ ගොඩක්වත් ලැබෙන්නේ නෑමය.

 

 

Last modified on Tuesday, 28 July 2015 17:17

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us