ජගත් මත්කුඩු ජාලයේ ප්‍රධානියා ගෝඨාගේ මිතුරෙක්

Published in පුවත්
Wednesday, 29 July 2015 08:35

වසර ගණනක් පාකිස්තානයේ සිට ලෝකයේ විවිධ රටවල්වලට හෙරොයින් කන්ටේනර් යවන මත්කුඩු ජාලයේ ප්‍රධානියා හඳුනාගෙන ඇති මත්ද්‍රව්‍ය නාශක අංශය ඔහුගේ ප්‍රධාන ශ්‍රී ලාංකික ඒජන්තවරයා, නියෝජ්‍ය ඒජන්තවරු තිදෙනෙක් ඇතුළු එම ජාලයට සම්බන්ධ විසිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ප්‍රසිද්ධ චිත්‍රපට නිෂ්පාදකවරයකු ලෙස ද කටයුතු කර විවිධ රටවල දී එරට ප්‍රභූවරුන්ගේ ප්‍රශංසාවට ලක්ව සිටින ශ්‍රී ලාංකික මුස්ලිම් ජාතිකයකු වූ මෙම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන මොහොමඩ් මුබාරක් මොහොමඩ් මුජයිඩ් නමැත්තා වහාම අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන්වා දෙන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා පොලිසිය ජාත්‍යන්තර පොලිසිය වෙත රතු නිවේදනයක් ද කර තිබේ.

සෙල්වම් සහ පරාවර්තනය යන ප්‍රසිද්ධ චිත්‍රපට නිෂ්පාදනය කර ඇති මෙම ජාත්‍යන්තර කුඩු ජාලයේ ප්‍රධානියා එම චිත්‍රපටවලින් ලැබුණ මුදල් පවා ලබාගැනීම ප්‍රතික්ෂේප කර තිබුණි. මොහූ හිටපු ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂගේ සමීප මිතුරකු බව මීට වසර ගනනාවකට පෙර වෙබ් අඩවි කිහිපයක් විසින හෙලි කරන ලදී.

මොහු රහසිගතව මෙරටට පැමිණ ඇතත් නියමිත නමින් මෙරටට පැමිණි බවට තොරතුරු නැති බවත්, මීට වසර ගණනාවකට පෙර මෙරටින් ගොස් ඔහු මෙම හෙරොයින් ජාවාරම සිදුකරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි නීතිඥ රුවන් ගුණසේකර පවසයි. මොහූ හිටපු ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂගේ සමීප මිතුරකු බව මීට වසර ගනනාවකට පෙර වෙබ් අඩවි කිහිපයක් විසින හෙලි කරන ලදී.

මොහු දැනට මැලේසියාවේ ප්‍රභූ ජීවිතයක් ගතකරන අතර මොහු කොටුකර ගැනීමට ඔහු සිටින ප්‍රදේශ පුරා මැලේසියානු පොලිසිය මෙහෙයුමක් ද ආරම්භ කර තිබේ.

තවත් දින දෙකක් ඉක්මවීමට පෙර ඔහු පොලිසියට කොටුවන බව මත්ද්‍රව්‍ය නාශක අංශය විශ්වාස කරයි.

වසර දෙකක පමණ කාලයක් මත්ද්‍රව්‍ය නාශක අංශය සිදුකළ සූක්ෂ්ම මෙහෙයුමක ප්‍රතිඵලයක් වශයෙන් මෙරටට මත්කුඩු එවා මෙරට බෙදාහරින සහ මෙරට සිට යළි ප්‍රතිඅපනයනය කරන එම ජාලය සොයා එම ජාවාරම්කරුවන් මෙසේ කොටුකර ගැනීමට හැකි වී ඇත.

මෙම ජාත්‍යන්තර මත්කුඩු ජාවාරම්කරුවන් 2009 සිට 2014 ජූලි 22 වන විට මත්කුඩු ඇතුළත් ක‍න්ටේනර් 07 ක් මෙරටට ගෙන්වා ඇති බව සාක්ෂි සහිතව අනාවරණය වී තිබේ.

විදේශීය රටක නීතිය ක්‍රියාත්මක කරන ප්‍රධාන ආයතනයක ඔත්තුකරුවකු මෙරටට එවා ඔහු හා මත්ද්‍රව්‍ය නාශක අංශය සූක්ෂ්මව සිදුකළ ආවේශන රාජකාරියේ මෙරට මත්කුඩු ඒජන්තවරයා වූ මහනුවර පදිංචි අහමඩ් සබ්රි නජුමුදීන් නමැත්තා කොළඹ තරු පහේ හෝටලයකට කැඳවා ඔහුගේ සියලු තොරතුරු අනාවරණය කරගෙන ප්‍රථමයෙන්ම ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

දැනට මත්ද්‍රව්‍ය සම්බන්ධව මරණීය දණ්ඩනයට නියම වී සිටින මොහොමඩ් සියාම් මොහුගේ ඥාති සහෝදරයා වෙයි.

අහමඩ් සබ්රි නජුමුදීන්ගේ බැංකු ගිණුම්, දුරකථන අංක, ලැප්ටොප් පරිගණකය පරීක්ෂා කිරීමේදී මෙම මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධානියා මැලේසියාවේ සිටින මොහොමඩ් මුබාරක් මොහොමඩ් මුජයිඩ් බව හෙළිකර ගෙන ඇත.

පාකිස්තානයේ සිට සහල්, රෙදිපිළි, යන්ත්‍ර සූත්‍ර, ප්ලයිවුඩ් ලී ඇතුළු විවිධ භාණ්ඩ තුළ සඟවා මොවුන් අවස්ථා කිහිපයකදී හෙරොයින් කිලෝ 750 ක් එවා ඇත. දැනට අත්අඩංගුවේ සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරු වෙලේසුදා ද මොහුගේ මත්ද්‍රව්‍ය ජාලයේ කොටස්කරුවෙකි.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය වසර දෙකක් තුළ සූක්ෂ්මව සිදුකළ මෙම දැවැන්ත මෙහෙයුම පිළිබඳ තොරතුරු ඊයේ ප්‍රථමවරට අනාවරණය කළේ එහි කිසිදු තොරතුරක් මීට පෙර කිසිම ආකාරයකින් හෙළිවීමට ඉඩ නොතබමින්ය.

ඒ අනුව ලෝකය පුරා ක්‍රියාත්මක වන එක් මත්කුඩු ජාත්‍යන්තර ජාලයක් මෙසේ අවසන් කිරීමට හැකි වී ඇති බව ද සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා කීය.

 

 දිනමිණ ඇසුරෙණි

mubarak

 

 

 

 

Last modified on Wednesday, 29 July 2015 08:38

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us