ඉල්ලීම් ඉල්ලා කොළඹ ජාතික රෝහලේ වැඩවර්ජනයක්

Published in පුවත්
Wednesday, 29 July 2015 09:16

කොළඹ ජාතික රෝහලේ පරිපූරක වෛද්‍ය සේවාවන්ට අයත් වෘත්තීන් පහක සේවකයින් සහ අතුරු වෛද්‍ය සේවා 09 ක සේවකයින් අද (29) උදෑසන සිට වැඩවර්ජනයක් ආරම්භ කරන බව හෙද පරිපූරක අතුරු වෛද්‍ය වෘත්තීය සේවාවන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය පවසයි.

සේවා ඉල්ලීම් පහක්‌ මුල් කරගෙන කොළඹ දිස්‌ත්‍රික්‌කයේ සියලු රජයේ රෝහල් හා සෞඛ්‍ය ආයතනවල සේවය කරන හෙද, පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා නිලධාරීන් මෙම 29 හා 30 දෙදින වැඩ වර්ජනයක නිරත වේ.

වසර 12 ක ජ්‍යෙෂ්ඨතාව අනුව හෙද - පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා නිලධාරීන්ට පළමු ශේණියේ උසස්‌වීම් ලබාදීමට අදාළව අමාත්‍ය මණ්‌ඩල පත්‍රිකාවක්‌ ඉදිරිපත් කිරීම දිගින් දිගටම ප්‍රමාද කිරීම, වෛද්‍ය සේවාවට පමණක්‌ ලබා දෙන ගෙවන වාට්‌ටුවල ප්‍රතිකාර ලැබීමේ පහසුකම් ආදි ඉල්ලීම් මුල්කොට ගනිමින් මෙම මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මකයි.

මේ අනුව ජුලි 29 වැනිදා කොළඹ ජාතික රෝහලේ සේවය කරන හෙද , පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා නිලධාරීහු එදින උදෑසන 8.00 ට දෙදින වැඩවර්ජනය අරඹන අතර 30 වැනිදා උදෑසන 8.00 සිට කොළඹ දිස්‌ත්‍රික්‌කයේ සෙසු සියලු රජයේ රෝහල් හා සෞඛ්‍ය ආයතනවල සේවය කරන එම නිලධාරීන් වැඩවර්ජනයට එක්‌වන බව ඒකාබද්ධ බල මණ්‌ඩලය පවසා සිටී.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us