මට අවශ්‍ය සෑම පවුලක්ම රජ කර වීමටයි-රනිල්

Published in පුවත්
Tuesday, 28 July 2015 15:03

මට අවශ්‍ය වන්නේ රජ පවුලක් අැති කිරීමට නොව සියලුම පවුල් රජ කරවන්නට යයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.ඔහු මේ බව පැවසුවේ අද(28) කොළඹ පැවති පුරවැසි සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුව සමග යහපාලනය සඳහා එක්සත් ජාතික පෙරමුණ සමග ඒකාබද්ධ මහජන ගිවිසුමකට අත්සන් තැබීමේ අවස්ථාවට එක්වෙමිනි.

අද වන විට රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය හා සාමකාමී පරිසරයක් අැති වී අැති බවත් මැතිවරණ කටයුතු පවා එංගලන්තයේ මෙන් සාමකාමී ලෙස නීතියට යටත්ව සිදුවන බවත් පැවසුවේය. නීතියට යටත්ව සියල්ල සිදුවන වටපිටාවක මේ ගිවිසුම ඉතා වැදගත් බවත් ඒ වෙනුවෙන් සියලුම පුරවැසි හා සිවිල් සංවිධාන එක්ව කටයුතු කරන බව හෙතෙම කියා සිටියේය.

ඩී.එස්-ඩඩ්ලිලාගේ යුගවලදී ‍පවා මෙවැනි ජාතික පොදු අවශ්‍යතා වෙනුවෙන් දේශපාලන පක්ෂ මෙන්ම සිවිල් සංවිධානද එක්ව ගිවිසුම් සහගතව කටයුතු කළ බවත්, පසුව එකී අරමුණ ජයග්‍රහණය කිරීමෙන් පසු යළි වෙන්ව තම අරමුණු වෙනුවෙන් ක්‍රියා කළ බවත්, එහි කිසිදු ගැටළුවක් නොමැති බවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

ඒ අනුව මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය නැවත ස්ථාපිත කිරීම සඳහා ගෙවුණු ජනවාරි 08 වන දිනයේ සහයෝගයෙන් ගොඩනැඟුණු ව්‍යාපාරය ශක්තිමත්ව ඉදිරියට ගමන් කළ යුතුව ඇති බවත්, ඒ වෙනුවෙන් ඉදිරියටත් කැපවීමෙන් කටයුතු කරන බවත් වික්‍රමසිංහ මහතා මෙහිදී අවධාරණය කළේය.

තරගකාරී වෙළෙඳ ආර්ථිකයක් ගොඩනැඟීම ඉලක්ක කරගත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් තුළ සමාජ සාධාරණත්වය ඇති කිරීමට ද අමතක නොකරන්නේ යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. ආර්ථිකය ජය ගත්ත ද සාධාරණත්වයකින් තොර සමාජයක එම ජයග්‍රහණයන්හි ප්‍රතිලාභ බෙදී නොයන බව හෙතෙම පෙන්වා දුන්නේය.

Last modified on Tuesday, 28 July 2015 15:05

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us