කෙහෙලිය කිනිතුල්ලන් මර්දනය කරල තියෙන්නෙත් රජයේ මුදලින්

Published in පුවත්
Friday, 31 July 2015 09:38

හිටපු ජනමාධ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල මහතා අනතුරකට ලක්ව විදේශගතව ප්‍රතිකාර ලැබූ කාලයේදී ඔහුට ලබාගත නොහැකි වූ ඉන්ධන දිමනාව වශයෙන් රුපියල් ලක්ෂ එකොළහකට අධික මුදලක් වංචාකාරී ලෙස රජයෙන් ලබාගෙන තිබේ.මීට අමතරව කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නිල නිවසේ සිටි බව කියන කිනිතුල්ලන් මර්දනය කිරීමට තලවතුගොඩ ප්‍රදේශයේ ආයතනයක් වෙත රුපියල් හැත්තැඅටදහසක්ද රජයේ මුදලින් ගෙවා ඇති බව බිල්පත් ලිපි ලේඛන සහිතව අනාවරණය වී ඇත.

රජයෙන් ඉන්ධන දීමනාව ලබන මැති ඇමැතිවරුන් හෝ වෙනත් රාජ්‍ය නිලධාරීන් විදේශගත වූ අවස්ථාවක ඔවුන්ට කිසිසේත් ඉන්ධන දීමනාව හිමි නොවෙයි.

කෙහෙළිය රඹුක්වැල්ල මහතා 2012 ජනවාරි 29 වැනි දින සිට 2012 මැයි මස 25 වැනිදා දක්වා දිවයිනෙන් බැහැරව සිට ඇත. එම කාලය තුළ පාර්ලිමේන්තුවට නොපමිණීමේ අවසරය 2012/03/06 වැනි දින පාර්ලිමේන්තු සභානායකවරයා වෙත ලිපියක් ඉදිරිපත් කරමින් ඉල්ලා තිබේ.

එසේ නීත්‍යානුකූලව අවසරය ලබා තිබියදී කෙහෙළිය රඹුක්වැල්ල මහතා මෙරට සිටින කෙනෙකුට හිමි ආකාරයෙන් ඉන්ධන දීමනාව ලබාගැනීම වංචාවක් බව රාජ්‍ය විගණනය පෙන්වා දෙයි.

රඹුක්වැල්ල මහතා විදෙස්ගතව සිටියදී ඒ මහතාගේ කාර්ය මණ්ඩලය විවිධ රාජකාරීවල යෙදුණු බව පවසා ඒ මහතාගේ පෞද්ගලික ලේකම් බ්‍රිගේඩියර් ජයවර්ධන මහතා ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ‍ලිපියක් යවමින් එම ඉන්ධන දීමනා ලබාදෙන ලෙසට ඉල්ලීමක් කර ඇත.

රජයේ මැති ඇමැතිවරුන්ගේ විදුලි බිල රජයෙන් ගෙවනු ලබන අතර 2014 මාර්තු මාසයේ කෙහෙළිය ඇමැතිවරයාගේ නිව‍සේ විදුලි බිල දෙලක්ෂ දහතුන්දහස් තුන්සිය පනස් පහක් වශයෙන් ගෙවා තිබේ.

මීට අමතරව කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නිල නිවසේ සිටි බව කියන කිනිතුල්ලන් මර්දනය කිරීමට තලවතුගොඩ ප්‍රදේශයේ ආයතනයක් වෙත රුපියල් හැත්තැඅටදහසක්ද රජයේ මුදලින් ගෙවා ඇති බව බිල්පත් ලිපි ලේඛන සහිතව අනාවරණය වී ඇත.

ඒ මහතා අනතුරකට ලක්ව රෝගාතුරව විදෙස්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී එම ප්‍රතිකාර කටයුතු සඳහා ජනාධිපති අරමුදල රුපියල් එක්කෝටි අසූලක්ෂයක් පමණ ගෙවා තිබියදී හිමිනැති ඉන්ධන දීමනාද ලබාගෙන ඇත.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us