එ.ජ.නි.සයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීමේ අවස්ථාව ඊයේ(23) පෙරවරුවේ රජයේ සහ පුද්ගලික  රුපවාහිනී නාලිකා මගින් සජීවිව විකාශනය කෙරුණු අතර තැපැල් ඡන්දය පැවැත්වෙන අතර තුරදී දේශපාලන පක්ෂයක් සජීවී රූපවාහිනී විකාශනයක් සිදු කිරීම ඇදහිය නොහැකි තරමේ මැතිවරණ නීති උල්ලංඝණය කිරීමක් බව කැෆේ මැතිවරණ නිරීක්ෂණ ජාලය පෙන්වා දෙයි.

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ ජනාධිපති ධුර අපේක්‍ෂක ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අද (24 දා) පස්වරු 4.00 ට කඹුරුපිටියේ පැවැත්වෙන මහජන රැලිය ඇමතීමට නියමිතය.

වර්තමාන ආණ්ඩුව විසින් ව්‍යාජ අයුරින් සකස් කරන ගිවිසුම් ඉදිරිපත් කරමින් ජනතාව නොමග යැවීමේ වැඩ පිළිවෙලක් ක‍්‍රියාත්මක කරන බව පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඊයේ (23) මාලඹේ පැවති ජන රැළියක් අමතමින් පැවසීය.

තැපැල් ඡන්දය භාවිතා කිරීමේදී ආරක්ෂයේ අංශයේ සේවයේ නියුතු පිරිස් හට දිගින් දිගටම බලපෑම් එල්ල වෙමින් පවතින බව ආනාවරණය වේ.

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය නව මහකොමසාරිස් වශයෙන් ජේම්ස් ඩොරිස් මහතා පත් කර ඇති බව මෙරට බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.
රනිල් මෛත්‍රී හොර ගිවිසුමක් ඇතැයි කියමින් ඇමැති විමල් වීරවංශගේ පක්ෂයේ බව කියන පිරිසක් අද (24)  උදේ සිරිකොත ඉදිරිපිටට ගොස් විරෝධය පෑමත් ගල් ගැසීමත් නිසා පෙරලා ප්‍රහාරයක් එල්ල කිරීමට එජාප පාක්ෂිකයන් කටයුතු කරනු ලැබීය

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීමේ ජන රැළියක් ඊයේ රුවන්වැල්ලේදී පැවැත්වුණි. එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ ශ‍්‍රී ලංකාව ත‍්‍රස්තවාදය පරාජය කිරීමේදී අනුගමනය කළ ක‍්‍රියාමාර්ග අද ලොව බලවත් රටවල් පවා අනුගමනය කරන බවයි.

දෙනියාය එන්සල්වත්ත වතුයායේ සේවයේ නියුතු සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ විධායක සභික හා ජනතා විමුක්ති පෙරමුණේ දෙනියාය ප‍්‍රදේශයේ සංවිධායක වරයෙකු ද වන ඒ.ඞී. ආරියදාස  සහෝදරයාට ඊයේ රාත‍්‍රි 12.30 ට පමණ ආණ්ඩුවේ මැර පිරිසක් විසින් අමානුෂික ලෙස පහරදී ඇති බව එම සංගමයේ සභාපති රාමලිංගම් චන්‍ද්‍රසේකර් මහතා පවසයි.

 

ld add copy

ක්‍රීඩා

Connet With Us