එළඹෙන ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන ඡන්දදායකයන් වෙත බෙදාදීම සඳහා අද දින රූපවාහිනී යන්ත්‍ර 5,000ක තොගයක් කොල්ලුපිටියේ ප්‍රසිද්ධ මන්දිරයක් වෙත ගෙනවිත් තිබේ. මෙම රූපවාහිනි යන්ත්‍ර තොගය කොළඹ වරායේ සිට ලොරි රථ විශාල ප්‍රමාණයකින් ප්‍රවාහනය කර කෙළින්ම මෙම මන්දිරයට ගොඩ බා තිබේ.

සුනාමි ව්‍යවසනය නිසා අසරණභාවයට පත්වූ ජනතාවගේ කුස පුරවන්නට ඔවුන්ගේ හිසට සෙවනක් සකසන්නට පරිත්‍යාගශීලීන්ගෙන් ලැබුණු මුදල් සොරකම් කළ පවුලක, පාලනය යටතේ මේ රට දැන් වසර 9ක් තිස්සේ පාලනය වන බවත් මේ කාලය තුල සංවර්ධනයේ නාමයෙන් සොරකම් කළ මුදල සුනාමිය නිසා මෙරටට ලැබුණු සමස්ත ආධාර ප්‍රමාණයත් ඉක්මවා යන තරම් බවත් අඑජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා පවසයි.

රට තුළ සිදුවන සංවර්ධනයට නිසා සමහරුන් ඊර්ෂ්‍යා කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ව්‍යාජ අත්සනක් සහිත ගිවිසුම් පිටපතක් සැකසීම සම්බන්ධයෙන් පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතා තිස්ස අත්තනායක මහතාගෙන් රුපියල් මිලියන 2,500 ක වන්දියක් ඉල්ලයි. ඒ සම්බන්ධ එන්තරවාසිය මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ නීතීඥ සඳුන් එස්.කේ. ගමගේ මහතා විසින් තිස්ස අත්තනායක මහතා වෙත යවනු ලැබ තිබේ.

මෙවර මැතිවරණයේ දී ඡන්දදායකයා වැටී ඇත්තේ සිංහයා සහ වෘකයාට රජකම දුන් බැටළුවන්ගේ තත්ත්වයට යැයි වමේ පොදු අපේක්ෂක දුමින්ද නාගමුව සහෝදරයා පවසයි.ඔහු මෙසේ පැවසුවේ දෙසැම්බර් 24 වන දා පන්නිපිටියේ දී පැවති ජන හමුවක දී ය.එහි දී ඔහු වැඩිදුරටත් මෙසේ පැවසීය.

වැල්ලම්පිටිය, උමගිලිය ක්‍රීඩාංගණයේ ඉදිකර තිබූ විපක්ෂයේ පොදු අපේක්ෂක  මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරණ වේදීකාවකට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ වෑන් රථය, හිරු මාධ්‍ය ජාලයට අයත් වෑන් රථයක් බව  පොලිසිය පවසයි.
 
එළැඹෙන ජනාධිපතිවරණයේදී තමන් මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දීමට තීරණය කළ බවත් එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වයද ලබා ගන්නා බවත් ලංකා කම්කරු කොන්ග්‍රසයේ  උපනායක හා මධ්‍යම පළාත් සභා මන්ත්‍රී එම් උදයකුමාර් මහතා පවසයි. 

යාපනය සරසවියෙහි උප කුලපති මහාචාර්‍ය වසන්ති අරසරත්තිනම් මහත්මිය විසින් ඉදිරියදී පැවැත්වීමට නියමිත ජනාධිපති මැතිවරණයදී වත්මන් ජනපති මහින්ද රාජපක්‍ෂ මහතාට සහයෝගය පලකර පුවත්පත් දැන්වීමක් පළ කිරීම සඳහා සරසවියේ සියළු පීඨ ජේෂ්ඨ කථිකාචාර්‍යන් හා මහචාර්‍යවරුන්ගේ අත්සන ඉල්ලා ලිපියක් යවා තිබේ.

 

ld add copy

ක්‍රීඩා

Connet With Us