ගෝඨාගේ මිතුරු කුඩු මුජා මලයාසියාවෙනුත් පැනලා

Published in පුවත්
Saturday, 08 August 2015 08:25

මලයාසියාවේ සැඟවී සිටින ජාත්‍යන්තර කුඩු ජාවාරම්කරු මොහොමඩ් මුබාරක් මොහොමඩ් මුජයිඩ් නමැති කෝටිපති ව්‍යාපාරිකයා මලයාසියාවෙන් අතුරුදන් වී ඇති බව පොලිස් බුද්ධි අංශ අනාවරණය කැරගෙන තිබේ.

මැලේසියාවේ පිහිටි අති සුපිරි නිවසක පදිංචිව සිටින මෙම ජාවාරම්කරු එම නිවසේ නොමැති බවට එරට ‍බුද්ධි අංශ මඟින් අනාවරණය කැරගෙන තිබේ.

මොහු ජාත්‍යන්තර මත්කුඩු ජාලයේ එක් කණ්ඩායමක් මෙහෙයවන ප්‍රධානියකු බව මෙරට මත්ද්‍රව්‍ය නාශක අංශය තොරතුරු අනාවරණය කැරගැනීමත් සමඟම මොහුගේ එම අතුරුදන්වීම සිදුවී ඇත.

මොහුට එරෙහිව විවෘත වරෙන්තුවක් ලබාගත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය එය රතු නිවේදනයක් හරහා මැලේසියා පොලිසිය වෙත යවා ඔහු අත්අඩංගුවට ගෙන මෙරටට ලබාදෙන ලෙසට ඉල්ලීමක්ද කැර තිබිණි.

එම නිවේදනයට අනුව එරට පොලිස් බුද්ධි අංශ මොහු පිළිබද සොයා බැලීමේදී ඔහු පදිංචිව සිටි නිවසේ සහ ඊට අමතරව ඔහුගේ සෙසු නිවාස සහ යන එන ස්ථානවලද නොමැති බව අනාවරණය කැර ගෙන ඇත.

මැලේසියා පොලිසිය, ඔත්තු සේවා සහ බුද්ධි අංශ තවදුරටත් මෙම ජාවාරම්කරු සොයා පරීක්ෂණ සිදුකරන අතර ඔහුට රටින් පිටවිය නොහැකි ආකාරයට ආරක්ෂක විධිවිධාන යොදා ඇති බවටද තොරතුරු අනාවරණය වෙයි.

ශ්‍රී ලාංකිකයෙකු වූ මොහොමඩ් මුබාරක් මොහොමඩ් මුජයිඩ් මෙයට වසර දහයකට පමණ පෙර මෙරටින් පලාගොස් තිබිණි.

මේ අතර ජාත්‍යන්තර පොලිස් බුද්ධි අංශ මෙම ජාවාරම්කරුගේ පකිස්තානයේ සිටින මත්කුඩු ජාලයේ කොටස්කරුවන් සොයා මෙහෙයුම්ද ආරම්භ කැර තිබේ.

මලයාසියාවේ සිට මොහු පකිස්තානයේ සිදු කෙරෙන මත්කුඩු ජාවාරම මෙහෙයවන අතර ලෝකයේ රටවල් ගණනාවකට කුඩු කන්ටේනර් යැවීම, ප්‍රති අපනයනය කිරීම, මූල්‍ය ගනුදෙනු , බෙදාහැරීම ඇතුළු සෑම සියලු දෙයක්ම සිදුකිරීම පිටුපස අඩුම වශයෙන් දහසක පමණ පිරිසක්වත් සිටිය හැකි බව පරීක්ෂණ අංශ විශ්වාස කරයි.

මොහුගේ එම සමස්ත කුඩු ජාලයම විනාශ කිරීම සඳහා අඩුම වශයෙන් එම ජාලයේ ප්‍රධානීන්වත් නීතියට කොටුකැර ගත යුතු වන බව විශ්වාස කෙරේ.

එම තොරතුරු හෙළිකැර ගැනීම සඳහා මොහොමඩ් මුජයිඩ් අත්අඩංගුවට ගැනීම අනිවාර්යෙන්ම සිදු විය යුතු බැවින් ඒ සඳහා අංශ ගණනාවක් ඔස්සේ පොලිස් කණ්ඩායම් ගණනාවක් මෙහෙයුම් සිදු කරයි.

dinamina

Last modified on Saturday, 08 August 2015 09:02

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us