Paypal (පේ පැල්) ක්‍රමය ළඟදීම අනුමත වන ලකුණු

Published in පුවත්
Saturday, 08 August 2015 09:11

පේපැල් ගෙවීම් සඳහා අවශ්‍ය පහසුකම් නුදුරේම ශ්‍රී ලාංකිකයා වෙත ලබාදීමට කටයුතු කරන බව ICTA ප්‍රධාන විධායක නිලධාරී මුහන්තන් කැනගෙයි මහතා පවසයි. ඩොලර් බිලියන 50 ක ඩිජිටල් අපනයන වෙළඳාමක් ඉලක්ක කරගෙන සිදු කිරීමට නියමිත වැඩ පිළිවෙලක් යටතේ මේ සිදුවනු ඇති බවත් ඔහු සඳහන් කරයි.

විදේශීය රටවල සිට ශී‍්‍ර ලංකාවට මුදල් එවීම සහ අන්තර්ජාල ගිණුම් සඳහා අඩු පිරිවැයක් සහිත පේපැල් ක‍්‍රමය මෙතෙක් ශ්‍රී ලංකාව අනුමත කර නොමැත. ඒ සඳහා අනුමැතිය ලබාදිය යුත්තේ මහ බැංකුවය.

ශී‍්‍ර ලංකාවේ සිට විදේශ රටවලට කරන ගෙවීම් සඳහා පේපැල් ක‍්‍රමය භාවිත කළ හැකි නමුදු ඒ සඳහා මහ බැංකුව මෙතෙක් අවසර ලබාදී නොමැත. අදාළ ගෙවීම් සිදුකිරීමට නම් පේපැල් ගිණුම් මෙරට බැංකු ගිණුම් හා ඒකාබද්ධ කළ යුතුය. අන්තර්ජාලය පදනම් කරගත් ව්‍යාපාරික කටයුතුවලට අදාළ ගෙවීම් සඳහාද මෙම ක‍්‍රමය යොදා ගැනේ. ඇමරිකාව, වියට්නාමය වැනි රටවල් ඊ-බේ වැනි වෙබ් අඩවි හරහා අන්තර්ජාතික අලෙවි කටයුතු සිදුකරන අතර පේපැල් ක‍්‍රමය හඳුන්වාදීම හරහා මෙරට ව්‍යාපාරිකයන්ටද ඒ සඳහා අවස්ථාවක් හිමිවනු ඇත.ඒ මෙතෙක් නොවීම සම්බන්ධයෙන් ව්‍යාපාරික හා විදේශ සම්බන්ධතා ඇති ශ්‍රී ලාංකිකයන්ගෙන් දැඩි ලෙස චෝදනා එල්ලවී තිබේ.

නීත්‍යානූකූල අවසරයක් නොමැතිව පේපැල් ක්‍රමය යටතේ මුදල් ගනුදෙනු මේවන විට සිදුවූවද මුදල අතුරුදන් වීම ආදිය සිදුවීම් වන බවට චෝදනා ඇත.

Last modified on Saturday, 08 August 2015 09:13

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us