ඡන්දය ඉදිරියේ රාජිතට සුදු කොඩිය මතක් වෙයි

Published in පුවත්
Friday, 07 August 2015 12:06

යුද්ධය පැවැති අවස්‌ථාවේදී සුදු කොඩි උස්‌සාගෙන එන අය මරන්න කවුරුන් හෝ නියෝග දුන්නේ නම් ඔවුන් බේරා ගැනීමට නොහැකි බව කැබිනට්‌ මාධ්‍ය ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා පැවැසීය.

යුද්ධයකදී යමෙක්‌ සුදුකොඩි ඔසවාගෙන එන්නේ යටත්වීමට නම් ඔවුන් මැරීමට අණකිරීම අනුමත කළ නොහැකි බවත් මේ පිළිබඳව හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාත් ප්‍රකාශයක්‌ කර තිබූ බවත් ඇමැතිවරයා ඊයේ (06 වැනිදා) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට්‌ තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී කීය.

ජිනීවා සමුළුවේදී ලංකාවට යුද අපරාධ චෝදනා එල්ල කළහොත් ඊට සැප්තැම්බර් මාසයේදී පිළිතුරු ලබාදෙන බව කී ඇමැතිවරයා යුද්ධයේදී සිදුවූ සැබෑ සිද්ධීන් වලදී ආණ්‌ඩුව පෙනී සිට සියලු දෙනා බේරාගන්නා බවද කියා සිටියේය.

එහෙත් යුද්ධයට මුවාවී විවිධ අපරාධ, මිනී මැරුම් කළ හෝ කිරීමට අණදුන් කිසිවකු වෙනුවෙන් පෙනී නොසිටින බවද ඇමැතිවරයා කීය.

යුද්ධයට මුවා වී කළ අපරාධ බොහෝය. වෙනෙකක් තබා රාජිත සේනාරත්න පවා වරක් මන්ත්‍රීධුරය අහිමි කරගත්තේ හමුදාවට බිස්නස් කරන්නට ගොසිනි. ජිනීවා සමුළුව යනු යකෙක් රකුසෙක් නොවේ. මහින්ද රාජපක්ෂම වරක් වාසුදේව නානායක්කාර සමඟ ගොස් බිම හිඳගත් තැනකි.

එදා විජේදාස ලියනාරච්චි ඇතුළු තරුණයින් මරා දැමීමට සහය දී පසුව ජිනීවා ද ගිය මහින්ද අද අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ ගැන කීම සාහසික විහිළුවකි. මහින්දගේ දේශපාලනය යනු ප්‍රතිපත්තියක් නැතිකමයි. වරෙක මානව හිමිකම්ද වරෙක යුධ විරෝධයද වරෙක යුද්ධයද වරෙක මානව හිමිකම් විරෝධයද අවුළන්නේ එබැවිනි.

බලය සහ බලයෙන් ලද ප්‍රයෝජන මිස කිසිවකුත් වැදගත් නොවන්නා වූ රාජපක්ෂ්ට කබරගොයා තලගොයා කිරීමේ අවස්ථාව නොදිය යුතුය. එමන්ම රාජපක්ෂ විසින් ඇඟිල්ල දිගු කෙරෙන්නා වූ හොරුන්ට පවා සාධාරණ පරීක්ෂනයකට මුහුණ දී තම නිවැරදි භාවය ඔප්පු කළ හැකි යාන්ත්‍රණයක් තැනිය යුතුය.

මෛත්‍රී පාරමිතාව පිරීම සකල දෝශ නිවාරණය කරන්නා වූ ශාන්ත්කර්මයක් නොවිය යුතු අතර රාජපක්ෂලා සමඟ එකගෙයි කෑ, අද පව් සෝදනවා යැයි කියන අයටද දඬුවම් ලැබිය යුතුය.

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

ක්‍රීඩා

SL vs AUS 2nd Test: තරගයේ දෙවන දිනය අදයි

SL vs AUS 2nd Test: තරගයේ දෙවන දිනය අදයි

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අද (07) ක්‍රියාත්මක...

Connet With Us