භාරත ඝාතනයට හවුල් තුන්වෙනියත් අවසන් !

Published in පුවත්
Friday, 07 August 2015 11:47
භාරත ලක්ෂ්මන් ප්‍රෙමචන්ද්‍ර මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූවකු ඊයේ සවස   කොලඹ මහාධාකරණයේදී පැවති භාරත ලක්ෂ්මන් ඝාතන නඩුවට පෙනී සිට නිවෙසට යමින් සිටියදී අධිකරණය ඉදිරිපියදී සුදු වෑන් රථයකින් පැමිණි පිරිසක් විසින් පැහැරගෙන ගොස් තිබේ. එම නඩුවේ 6 වැනි විත්තිකරු වන විදානගමගේ අමිල  මෙසේ පැහැර ගැනීමට ලක කරන ලදී. 
 
 
අලූත්කඬේ මාර්ගයේ පැමිණි සුදු වෑන් රථයක සිටි පිරිසක් විසින් අමිලව පැහැර ගැනීම සිදු කොට ඇත්තේ පස්වරැ 2.40ට පමණ ඔහුගේ බිරිද සහ පවුලේ ඥාතීන් බලා සිටියදීමය.
 
කෙසේ වෙතත් තම සැමියා පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නට ඇති බවට සැක කල ඔහුගේ ඥාතීන් රහස් පොලීසිය වෙත ගොස් ඒ ගැන විමසීමක් කිරීමේදී එසේ අත්අඩංගුවට ගැනීමක් නොකළ බව ඔවුන් දන්වා තිබේ.
 
කෙසේ නමුත් භාරත ඝනනයට හවු වූ ගලබොඩ ප්‍රියන්ත නම් තැනත්තාවද පසුගිය රාජපක්ෂ පාලන සමයේදී රහස් පොලි අත් අඩංගුවට ගෙන මරා දැමා ඇති බව සඳහන්ය. එමෙන්ම මේම් ඝාතන සිදුවීම ගැන සත්‍ය තොරතුරු දන සිටි කොට ලක්ෂ්මන් නම් තැනත්තාවද රහස්පොලිස් අත් අඩංගුවට ගැනීමෙන් පසුව ඝාතනය කළ බව පැවැසේ. 
 
මෙම පුද්ගලන් තිදෙනාම දුමින්ද සිල්වාගේ ආරක්ෂකයන් ලෙස කටයුතු කළ අයය. භාරතට වෙඩි තැබූ පලමු පුද්ගලයා ගලබොඩ ප්‍රියන්ත බවද හෙළිව තිබිණි.
 
මෙම පැහැර ගැනීම සිදු කිරීම පි‍ටුපස සිටින්නේ කවුරුන්ද යන්න  අනාවරණය වී නොමැති නමුත් දුමින්ද සිල්වාව මෙම ඝාතන චෝදනාවෙන් බේරා ගැනිම සඳහා පසුගිර රජයේ ආරක්ෂක ප්‍රධානියකු විශේෂ මහන්සියක් දැරු බව පැහැදිලි කරුණකි.

 

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us