හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරි මහ මැතිවරණයේදී අගමැති අපේක්‍ෂකයා කරන්න යැයි යෝජනාවක් හෝ කිරීමට අයිතිය තිබෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට පමණක් බව වාරිමාර්ග අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

දහනම වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව නඩු මගට බැසීමට ජාතික හෙළ උරුමය තීරණය කරයි. මේවන විට දහනම වැනි වන ව්‍යවස්ථා සශෝධන කෙ‍ටුම් පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 12ක් ඉදිරිපත්ව තිබෙන බව වාර්තාවේ.

මහ ඇමැති ධුරය අහිමි වුණත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති අපේක්‌ෂකත්වයට පත් කිරීමේ වැඩපිළිවෙළට සහයෝගය ලබාදෙමින් එම රැස්‌වීම්වලට අඛණ්‌ඩව සහභාගි වන බව බස්‌නාහිර පළාතේ මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

බලශක්තියෙන් සපිරි රටක්" නව බලශක්ති සැලැස්ම ජානධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල වෝටර්ස් එජ්හි දී අද (31) එළිදැක්වීමට නියමිතය. 2020 වසර වනවිට අපේම බලශක්තියෙන් අපේ ආර්ථීකය සහ සංවර්ධන කාර්යයන් උපරිම මට්ටමෙන් ඉටුකර ගැනීමට අවශ්‍ය වැඩපිළිවෙළ සකසා ඇත.

රුපියල් කෝටි ගණනක මූල්‍ය අක්‍රමිකතාවක් සිදු කළැයි සැකපිට හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රෝහණ රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවට පැමිණෙන විට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා ඊයේ (30) නියෝග කළේය.

තමා යාපනෙය් සංචාරෙය් නියුතු වූ අවස්ථාවේ යාපනයේ රජමාළිගය නැරඹීමට ගිය බවත් එය සෑදීමට රුපියල් මිලියන 1000ක් වියදම් කර අැති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේය.

රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති මනෝජ් පුෂ්පකුමාර ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු 'පොඩි ලැසි' නැමැත්තා බවට පොලිසිය විසින් හඳුනාගෙන ඇත.

නව ශී‍්‍ර ලංකාවක් ඇති කිරීමේ මූලික පියවරක් ලෙස ලංකාවේ සෑම ප‍්‍රදේශයක්ම නිදහස් අන්තර්ජාල සේවාව(free wifi) මඟින් එකතු කරන බවට දින සියය යටතේ වූ පොරොන්දුව අද දින ඉටු කරන බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසුවේය.

ld add copy

Connet With Us