දින 30ක සංචාරක වීසා මත මෙරටට පැමිණ සිටින පෙර‍ටුගාමි සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභිකයකු වන ප්‍රේමකුමාර් ගුණරත්නම් නොහොත් නොයෙල් මුදලිගේ යන අය ආගමන විගමන නීති උල්ලංඝනය කිරීමේ වරදට අත් අඩංගුවට ගත හැකි නමුත් ඒ මේ වන තුරුත් සිදුව නොමැත.

සන්ධාන ආණ්ඩුවේ අගමැතිකම හා මුදලින් රුපියල් කෝටි සියයක මුදලක් ලබා දී එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතව මිළදී ගැනීමට රාජපක්ෂවරු දැරූ ප්‍රයත්නය අසාර්ථක වී ඇතැයි වාර්තාවේ. 

ආණ්ඩුවේ ක්‍රියාමාර්ග විවේචනයට ලක් කරන භික්ෂූන්ට කොටි ලේබලය නොගසන මෙන් ජාතික සංඝ සභාවේ සහ ජාතික හෙළ උරුමයේ භික්ෂූන් වහන්සේ ආණ්ඩුවෙන් ඉල්ලා සිටිති.

අද(03)මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගි වූ අරලගංවිල ප්‍රදේශයේ පැවැති ‍රැළියකට වෙඩී තබීමක් සිදුව ඇතැයි වාර්තා වේ. වෙඩි වැදීමෙන් 3 දෙනෙකුට තුවාල සිදුව ඇත. මෛත්‍රීපාල සිරිසේන මහතා එම මොහොතේ වේදිකාවෙන් ඉවත්ව සිටියේය. මෙම ‍රැළියට අති විශාල ජනතා සහභාගිත්වයක් තිබීම විශේෂ සිදුවීමකි.

අද උදැසන මේ සම්බන්ධයෙන් විමල්ගේ සී නිව්ස් වෙබ් අඩවිය හෙළිදරව් කර තිබේ.

 

මහින්ද රාජපක්ෂගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයට වෛද්‍යවරුන්ගේ සහය ලබා ගැනීම සඳහා හෙට උදැසන 7.00 ට කොළඹ ගලධාරී හෝටයේ පැවැත්වෙන ප්‍රිය සම්භෂණයේ සම්පූර්ණ වියදම දරා ඇත්තේ මාලඹේ පෞද්ගලික විශ්ව විද්‍යාලයේ (SAITM) හිමිකරුවා වන වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු බව හෙළිව තිබේ.

අද (03) මීට මොහොතකට පෙර පුත්තලම නගර මධ්‍යයේ මැතිවරන ප්‍රචරක කටයුතුවල (කැන්වසින්) යෙදුනු මෛත්‍රෙපාල සිරිසේන මහතාගේ ආධාර කරුවන්ට පුත්තලම නගර සභාවේ නගරාධිපති ඇතුළු මැර කණ්ඩායමක් විසින් පහර දීමක් සිදු කර තිබේ.

කවුරුන් කුමන පැතිවලට ගියත්, ජනතාවාදී නායකයෙකු ලෙස තමා සැමදා රටේ ජනතාව වෙනුවෙන් පෙනී සිටින බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කළේය.

පානදුර නගර සභාවේ උප නගරාධිපති ශ‍්‍රී මුණසිංහ මහතා පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේනට සහාය ලබාදෙන බව අද ප‍්‍රකාශ කළේය.

 

ld add copy

ක්‍රීඩා

Connet With Us