2015 ජනාධිපතිවරණය වෙනුවෙන් අපේ ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ලෙස ඉදිරිපත්වී සිටින නීතීඥ නාමල් රාජපක්‍ෂ මහතා මැතිවරණ කොමසාරිස්වරයා වෙත මීට සුඵ මොහොතකට පෙර පැමිණිල්ලක් භාරදී ඇත. 
 
එම පැමිණිල්ලෙන් නීතීඥ නාමල් රාජපක්‍ෂ මහතා ඉල්ලා ඇත්තේ,
විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනගේ, මඩකලපුව සන්දිවේලි මැතිවරණ ප්‍රචාරක කාර්යාලයට අද (26) අලුයම ප්‍රහාරයක් එල්ල වී තිබේ.
 
වාහන කිහිපයකින් පැමිණි පිරිසක් කාර්යාලයේ දේපළ වලට හානි කර ඒවාට ගිනි තබා, කාර්යාලයට පෙට්‍රල් බෝම්බ ගසා පලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ජනවාරි 05 වෙනිදට පෙර ආණ්ඩුව හා එක් වන්නේ නම් අගමැතිධුරය හා මුදලින් රුපියල් කෝටි 100 ක මුදලක් ලබා දිය හැකි බව සජිත් ප්‍රේමදාස මහතාට රාජපක්ෂ රෙජීමයට සමීප ව්‍යාපාරිකයකු හරහා දැනුම් දී ඇති බව වාර්තාවේ.

විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිබඳ කිසිඳු ගැටළුවක් නැතැයිද ඒ පිළිබඳ කතාකිරීමටවත් දෙයක් මෙැති බවද  ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා පවසයි. 
 
ඔහු තම අයවැය කොපි කර හදන ලද ලියැවිල්ලක් මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය ලෙස ඉදිරිපත් කොට ඇති බව මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.ඔහු මේ බව පවසා සිටියේ   රුවන්වැල්ල ජනරැලියට රුවන්වැල්ල මහජන ක්‍රීඩාංගණයේ දී පැවැති ජන රැළියට එක්වෙමිනි.
නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව  මහා පරිමාණයේ මඩ ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා මහින්ද රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්  කාර්යාලය සූදානම් වන බව දැන ගැනීමට තිබේ.  විශේෂයෙන්ම  මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පෞද්ගලික ජීවිතය හා ඔහුගේ පවුලේ සාමාජිකයන්ගේ පෞද්ගලික ජීවිත අල්ලා  අභූත පුවත් ‍රැසක් ප්‍රචාරය කිරීමට මේ වන විටත් සූදානම් වෙමින් තිබේ. 
මීට සුළු මොහොතකට පෙර එක්සත් ජාතික පක්ෂයේ කොලොන්නාව සංවිධායක එස්.එම්. මරික්කාර් මහතාගේ කාර්යාලයට වෙඩිතැබීමක් සිදුව ඇතැයි වාර්තාවේ.

මුස්ලිම් ජනතාවගේ පල්ලි කඩල දාල, ව්‍යාපාරික ස්ථාන ගිනි තියල බොදුබල සේනාව කියල සංවිධානයක් හදාගෙන ජාතිවාදය අවුස්සමින් මහින්ද රාජපක්ෂ දැන් කියනවා කලගුණ සළකන්නලු. මෙලෙස තාඩන පීඩන කිරීමට මුස්ලිම් ජනතාව මොකක්ද කරපු වැරැද්ද. කුමක්ද යනුවෙන් කොළඹ නගරාධිපති ඒ .ජේ .එම් මුසම්මිල් මහතා ප්‍රශ්න කර සිටී.

අපි උතුරෙ යුද්ධෙනුත් බැට කෑව. එත් අපි ප්‍රභාකරන් එක්ක එකතු උනේ නෑ. මුස්ලිම් ජනතාවත් ප්‍රභාකරන් එක්ක එකතු උනනානම් ඉතිහාසය වෙනස් වෙන්න තිබුනා. අද හැමෝම මෛත්‍රී මැතිතුමා වෙනුවෙන් එකතු වෙලා ඉවරයි. යනුවෙන්ද ඒ මහතා පවසා සිටී.

බොදු බල සේනා සංවිධානය  විසින් අතුරලියේ රතන හිමි වැඩ වසන බො‍රැල්ල, සදහම් සෙවන විහාරස්ථානය වටලෑමට සූදානම් වන බව එම සංවිධාන ආරංචි මාර්ග පවසයි. 

 

ld add copy

ක්‍රීඩා

Connet With Us