මහින්ද රාජපක්ෂ ඇතුළු මහින්ද සමඟ නැගිටිමු කණ්ඩායම මැතිවරණ ව්‍යාපාරය ආරම්බ කළේම මෛත්‍රීපාල විරෝධී ස්ථාවරයක සිට වන අතර පසුව ඔහු විසින් මහින්ද දිනන්නේ නැති බවත් දිනුවත් අගමැති කම දෙන්නේ නැති බවත් ප්‍රකාශ කිරීමෙන් අනතුරුව එම විරෝධය වර්ධනය විය.
ඉන් පසුව මහින්දවාදීන් සන්ධාන අපෙක්ෂකයන්ව අප්පච්චිගේ කණ්ඩායම හා අප්පච්චි මළෝ කණ්ඩායම වශයෙන් දෙකට බෙදූ අතර අප්පච්චි මළෝ කණ්ඩායමට මනාප ලබා නොදෙන ලෙස දැඩි ප්‍රචරයක්ද ගෙන ගියහ. එමෙන්ම ප්‍රසිද්ධ වේදිකවේදී ඔවුන්ට හූ කියා පරිබව කිරීමේ ව්‍යාපාරයක්ද ගෙන ගියහ.
එහෙත් මේවන විට මහින්ද රජපක්ෂට තමාගේ තරම තේරී ඇති බැවින් මෛත්‍රී සමඟ සහයෝගයෙන් වැඩ කරන බවට ප්‍රකාශ නිකුත් කිරීමට පටන් ගෙන තිබේ. මෙය ජනාධිපතිවරයා ලත් ඉහළ ජයග්රහනයක් ලෙස හැඳින්විය හැකිය.