පසුගිය රජය සමයේ සිදු වූ අකටයුතුකම් සම්බන්ධයෙන් හා තමාට වූ බලපෑම සම්බන්ධයෙන් හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට සහ හිටපු ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව හිටපු මහජන කටයුතු හා මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන ඒකකයට අද (17දා) පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

එළැඹෙන මහ මැතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් යුතු නව ආණ්ඩුවක් පිහිටුවන බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා පවසයි.

ජනතාව කෙරෙහි පිහිටා ඇති ශ්‍රී ලංකාවේ ජනරජයේ පරමාධිපත්‍යය අනුව මහජන ඡන්දයෙන් තෝරා පත්කරගනු ලබන ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද ප්‍රතිඵලය විකෘති කොට රට අස්ථාවර කිරීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් වන චෝදනාවකට අදාළව ශ්‍රී ලංකාවේ වත්මන් අග විනිසුරු මොහාන් පීරිස් මහතා අත් අඩංගුවට ගැනීමට නියමිත බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් වාර්තාවේ. 

ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් මාධ්‍ය සමාජ ශාලාවක් (press club) ලබා දීම කෙරෙහි අවධානය යොමු වී ඇතැයි ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කරුණාරත්න පරණවිතාන මහතා පැවැසීය. පෙරේදා(15) ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය හා පැවැති සාකච්ඡාවේදී ඔහු මේ බව පැවැසීය.

නිවාස නොමැති තැනැත්තන්ට නිවාස සදන යුගයක් මෙතැන් සිට උදා කරන බව නිවාස හා සමෘද්ධි අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි. මෙතෙක් සිදුවූ වංචාවන් නතර කර සමෘද්ධි ව්‍යාපාරය ද දුගීකම දුරු කිරීම සඳහා වඩා ශක්තිමත් කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ඒ. ඩී. චම්පික ප්‍රේමදාස මහතා ඊයේ (16)  සිය  රාජකාරි ආරම්භ කරන ලදී.

පසුගිය කාලයේ රටේ විවිධ හේතුවෙන් තරුණයන්ට අහිමි වූ සියලූ දේ යළි ලබාදීමට කටයුතු කරන වන යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන නව අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පවසයි.

ටෙලිකොම් ආයතනයේ ප‍්‍රවර්ධන නිළධාරියකුව සිට ඉන් ඉවත්වූ වජිර ජයවර්ධන මහතා පා.ම. නාමල් රජපක්‍ෂගේ උවමනාව මත මොබිටෙල් ආයතනයේ ඉහල වැටුපකට, ප‍්‍රවර්ධන කළමණාකරු ලෙස නීතිවිරෝධී ආකාරයෙන් බඳවාගැනීමට මොබිටෙල් ආයතනයේ ප‍්‍රධාන විධායක නිළධාරීයා වන රංජිත් රූපසිංහ උත්සාහ දරමින් සිටී.

 

ld add copy

Connet With Us