ෆෙයාර්වේ සාහිත්‍ය ත්‍යගය 2015

Published in පුවත්
Sunday, 16 August 2015 10:09

ශ්‍රී ලාංකීය නවකතාව වෙනුවෙන් නව සාහිත්‍ය සම්මාන උළෙලක් ඇරඹේ.

සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂා වලින් රචිත ලාංකීය නවකතා වෙනුවෙන් පිරිනමන නව සාහිත්‍ය ත්‍යාගයක් ‘ෆෙයාර්වේ සාහිත්‍ය ත්‍යාගය‘ නමින් මෙම වසරේ සිට ආරම්භ කිරීමට කටයුතු සැලසුම් කර ඇත.

ඒ අනුව පිළිගත් ප්‍රකාශන ආයතනයක් මගින් හෝ කර්තෘ ප්‍රකාශනයක් ලෙස 2014 වසරේ ජනවාරි 01 දින සිට 2015 වසරේ අප්‍රේල් 30 දක්වා පළමු වරට ප්‍රකාශනයට පත් කරන ලද සිංහල, දෙමළ හා ඉංග්‍රීසි නවකතා මෙම ත්‍යාගය සදහා සළකා බැලේ.

ත්‍යාගය සදහා ලියාපදිංචි වන නවකතා අතුරින් එක් භාෂාවකින් කෘතීන් 5 ක උපරිමයක් කෙටි ලැයිස්තුගත කෙරෙන අතර එම නවකතා 5 අතුරින් එක් එක් භාෂාවකින් රචිත විශිෂ්ටතම නිර්මාණ ගුණයෙන් හෙබි නිර්මාණ ත්‍රිත්වය වෙනුවෙන් රුපියල් ලක්ෂ 5 බැගින් වූ මුදල් ත්‍යාග හා ෆෙයාර්වේ සාහිත්‍ය සම්මාන පිරිනැමේ.

එසේම කෙටි ලැයිස්තුගත වන සියලුම කෘතීන් වෙනුවෙන් රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් ත්‍යාග පිරිනැමීමට ද ෆෙයාර්වේ සාහිත්‍ය ත්‍යාග සංවිධාන කමිටුව බලාපොරොත්තු වේ.

සම්මානනීය කෘතීන් වෙනුවෙන් ත්‍යාග හා සම්මාන පිරිනැමීම 2016 වසරේ ජනවාරී මසදී  ගාල්ල කොටුවේදී පැවැත්වෙන උත්කර්ෂවත් උත්සව අවස්ථාවකදී සිදු කිරීමට කටයුතු සැලසුම් කර ඇත.

ෆෙයාර්වේ සාහිත්‍ය ත්‍යාගය සදහා නවකතා ලියාපදිංචි කිරීම 2015 අගෝස්තු මස 01 දින ඇරඹෙන අතර 2015 සැප්තැම්බර් මස 01 දිනෙන් එය අවසන් වේ.
ෆෙයාර්වේ සාහිත්‍ය ත්‍යාගය පිළිබද වැඩි විස්තර ලබාගැනීම සදහා හෝ නවකතා ලියාපදිංචි කිරීම සදහා අයදුම්පත් හා වැඩි විස්තර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. විද්‍යුත් තැපැල් ලිපිනයෙන් විමසිය හැක.  අයදුම්පත් www.fairwayholdings.com වෙබි අඩවියට පිවිසීමෙන් ලබාගත හැක.

ෆෙයාර්වේ සාහිත්‍ය ත්‍යාගය ‘ගාලු සාහිත්‍ය උත්සවය‘ ට සමගාමීව සංවිධානය වන්නකි.2FireForm

1FireForm

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us