අගමැතිධුරය මුස්ලිම් ජාතිකයකුට ලබා දීම සන්ධානය ගත් ප්‍රගතිශීලී පියවරක් !

Published in පුවත්
Saturday, 15 August 2015 11:24

මහ මැතිවරණයේ අවසන් ප්‍රතිඵලවලට අනුව, එක්සත් ජනතා නිදහස් සන්ධානය වැඩි මන්ත්‍රී ප්‍රමාණයක් තේරී පත්වී ජයග්‍රහණය කළහොත් මීළඟ අගමැතිවරයා ලෙස ඒ.ඒච්.එම්. ෆවුසි මහතා පත්වීමේ ඉඩක් ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග පවසයි.

එවැනි තත්වයක් ඇති වුවහොත් එය ශ්‍රී ලංකා දේශපාලනයේ සංධිස්ථානයක් වනු නොඅනුමානය.

රටේ අගමැතිවරයා පත් කිරීමේ පූර්ණ බලය ජනාධිපතිවරයා සතුවේ.

ජනාධිපති මෛත්‍රීපාල මහතා විසින් අගමැතිකමට සුදුසු ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයින් ලෙස යෝජනා කල ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න, නිමල් සිරිපාල ද සිල්වා, චමල් රාජපක්‍ෂ, සුසිල් පේ‍්‍රමජයන්ත්, අනුර පි‍්‍රයදර්ශන යාපා, අතාවුද සෙනෙවිරත්න යන මහත්වරුන් සියලූදෙනාම අග‍්‍රාමාත්‍යධූරය ප‍්‍රතික්ෂේප කරමින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙත ඊයේ ලිපියක් යැවිය.

මේ ලිපියට අගමැති කමට සුදුසු බවට ජනාධිපතිවරයා විසින් නම්කරන ලද ඒ.එච්.එම් ෆවුසි මහතා අත්සන් නොකිරීම මේවනවිට දේශපාලන ක්ෂේත්‍රයේ ආන්දෝලනයට ලක්ව තිබේ.

මේ සම්බන්ධයෙන් ඒ.එච්.එම් ෆවුසි මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ, ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සන්‍ධානයේ සභාපතිවරයා ලෙසත් රටේ ජනාධිපතිවරයා ලෙසත් මෛත‍්‍රීපාල සිරිසේන මහතා ගනු ලබන තීරණවලට තමන් මුළුමනින්ම එකඟ වන බවයි.

කෙසේ නමුත් මුස්ලිම් ජාතිකයකු වන පවුසි මහතා මේරට දෙවන පුරවැසියා ලෙස නම් කිරීමට ගන්නා පියවර රටේ දේශපාලන ඉතිහාසයේ වැදගත් ප්‍රගතිශීලී පියවරක් වනු ඇති බව දේශපාලන විචාරකයන් පෙන්වා දෙති.චන්ද්‍රිකා බණ්ඩාරනායක යුගයේදී දෙමළ ජාතිකයකු වූ ලක්ෂ්මන් කදිරගාමර් මහතා අගමැති කිරීම සඳහා ජනාධිපතිවරිය උත්සහා ගත් නමුදු මහින්ද රාජපක්ෂ මෛත්‍රීපාල සිරිසේන ඇතුලු ජාතික වාදින් ඒ අවහිර කරනු ලැබුවේ රටේ සිංහල බෞද්ධයන් කැරලිගසනු ඇතැයි කියමිනි.

 

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us