නිදහස් හා සාමකාමී මෙන්ම විශ්වාසවන්ත ජනාධිපතිවරණයක් පැවැත්වීමට ශ‍්‍රී ලංකා රජය පියවර ගනු ඇතැයි තමාගේ විශ්වාසය බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කී මුන් මහතා පවසයි.
මහින්ද රාජපක්ෂ ගේ අන්තර්ජාල හා සමාජ ජාලා ප්‍රචාරක ව්‍යාපාරය  සදහා  අැ.ඩො.මි 5ක් එනම් රු.මිලියන 650 ක් පමණ වෙතැයි දැනගන්නට ලැබී අැත.ඉන්දියානු සමාගමක් මඟින් මෙම කටයුත්ත මෙහෙයවන අතර ඒ සඳහා ශ්‍රී ලංකාවේ කණ්ඩායමක්ද සම්බන්ධ වී සිටී. එම කාර්යාලය නාරහේන්පිට ප්‍රදේශයේ පිහිටා ඇත.
දෙමළ ජාතික සන්ධානයේ සහය නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබා දෙන බව මීට සුළු මොහොතකට පෙර පැවැති මාධය සාකච්ඡාවකදී එම පක්ෂය නිල වශයෙන් ප්‍රකාශයට පත් කලේය.
රට බෙදන ගිවිසුම් කිසිවකටත් වත්මන් පාලනය සුදානම් නැති බව  ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළේය. තමා පළමු තැන ලබා දෙන්නේ මව්බිමට බව සදහන් කළ මහින්ද රාජපක්ෂ මහතා මව්බිම සුරැකීමට දිවි හිමියෙන් කටයුතු කරන බවද කියා සිටියේය
දිවයින පුරා රෝහල් වල අතුරු හා පරිපූරක වෛද්‍ය සේවාවන්ට අයත්  සේවකයින්  අද (30) උදෑසන 7 සිට එක්දින සංකේත වැඩ වර්ජනයක නිරත වන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප‍්‍රිය මහතා පවසයි. 
පාර්ලිමේන්තු මන්ත්‍රි ධුර 162ක් සමඟ තුනෙන් දෙකක බලයක් තිබුණු ආණ්ඩුවට මේ වන විට එම බලය අහිමි වී මන්ත්‍රි ධුර සංඛ්‍යාව 140 දක්වා අඩු වී තිබේ. ආණ්ඩුවේ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රිවරු 24 දෙනකු විපක්ෂයට එක් වී ඇති අතර විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු දෙදෙනකු ආණ්ඩුවට එක්ව තිබේ.

ඔබයි අපේ රජා, ඔබ අපට දෙවියෙක්‌ ආදී වැකි ඇතුළත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ගුණ වර්ණනා කරමින් තමා පැවැත්වූ කතාවක්‌ නැවත විකාශනය කිරීම වළක්‌වන වාරණ නියෝගයක්‌ දෙරණ, ශ්‍රී ලංකා රූපවාහිනිය, හිරු සහ ස්‌වර්ණවාහිනිය යන විද්යුත් මාධ්‍ය ආයතනවලට නිකුත් කරන්නැයි ජනාධිපතිවරණ පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ඉල්ලීමක්‌ කොළඹ දිසා අධිකරණ විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මිය ප්‍රතික්‍ෂේප කළාය.

බොදු බල සේනා සංවිධානය මෙම සතිය තුලදී යළිත් වතාවක් මුස්ලිම් ජාතිකයන්ට එරෙහිව කැරළි ගැසීමේ සූදානමක පසුවන බව එම සංවිධාන ආරංචි මාර්ග පවසයි.

 

ld add copy

ක්‍රීඩා

Connet With Us