ෆෙඩරල් පාලනයකට ඉඩ දෙන්නේ නෑ - අගමැති

Published in පුවත්
Friday, 14 August 2015 08:55

රට තුළ ෆෙඩරල් පාලනයක්‌ ඇති කිරීමට තමන් කිසිවිටෙකත් ඉඩ නොදෙන නමුත් ගමට බලය ලැබෙන ග්‍රාම රාජ්‍යයට සමාන ක්‍රමයක්‌ ඇති කරන බව එක්‌සත් ජාතික පක්‍ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

මෙවර මහ මැතිවරණය පිළිබඳව අදහස්‌ පළ කිරීමට යහපාලනය සඳහා වූ එක්‌සත් ජාතික පෙරමුණ විසින් කොළඹ පදනම් ආයතනයේදී ඊයේ (13 වැනිදා) පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවකදී අගමැතිවරයා එම අදහස්‌ පළ කළේය.

දෙමළ ජාතික සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් උතුර, නැගෙනහිරට ෆෙඩරල් පාලනයක්‌ ලබා ගන්නා බවට කර ඇති යෝජනාව සම්බන්ධව සිය මතය කුමක්‌ දැයි මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැතිවරයා එසේ පැවැසීය.

රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේ ද කියා සිටියේය.

මම කිසි දිනක ප්‍රභාකරන් සමග ගිවිසුම් ගහලා නැහැ. මම ප්‍රභාකරන්ට සල්ලි දුන්නෙත් නැහැ. 2005 ජනාධිපතිවරණයේදී ප්‍රභාකරන්ගේ ඉල්ලීමට එකඟවුණොත් මා රටේ ජනාධිපතිවරයා බවට පත් කරන බව කියූ අවස්‌ථාවේදීත් මා ඔහු සමග කිසිදු ලියවිල්ලක්‌ අත්සන් කළේ නැහැ.

එහෙනම් දැන් මොකටද අත්සන් කරන්නේ? විශේෂයෙන්ම ජයග්‍රහණයක්‌ ලබාගන්න පිළිවන් අවස්‌ථාවේදී මොකටද මේවාට කැමැති වෙන්නේ? නමුත් මා බලය බෙදනවා ගම දක්‌වා. ඒත් ඒ බලය දෙන්නේ දේශපාලනඥයන්ට නොවෙයි. අපි බලය දෙන්නේ ගමේ පොදු සංවිධානවලට සහ ආගමික සිද්ධස්‌ථාන නායකයන්ට. විශේෂයෙන්ම අපි ඇතිකරන පොකුරු ගම්මානවලට.

අපි පොකුරු ගම්මාන 2500 ක්‌ ඇතිකොට එහි පාලනයට ග්‍රාම රාජ්‍යයට සමාන කමිටුවක්‌ පත් කරනව. ගමේ පොදු සංවිධානවල සහ ගමේ ආගමික ආයතනවල නායකයන් මේවාට අපි පත් කරනවා.

 

divaina

Last modified on Friday, 14 August 2015 09:13

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us