පී.ඩී.පෙරේරාගේ අනාවැකියෙන් සන්ධානය නොසන්සුන්

Published in පුවත්
Sunday, 09 August 2015 09:29

ප්‍රවීණ ජෝතිෂවේදී නාත්තන්ඩියේ පී ඩී පෙරේරා මහතා පසුගියදා 'කුරුණෑගල දිස්ත්‍රික්කයත් මහින්ද රාජපක්ෂ මහතා පරජයට පත්වන ' බවට පලකළ ජෝතිෂ අනාවැකිය නිසා සන්ධාන නායකයන් බල්වත් ලෙස කළඹල වී සිටී. පෙරේරා මහතා මැතිවරණ සම්බන්ධයෙන් පැවසූ අනාවැකි ‍රැසක්ම සනාත වී තිබීම මෙයට හේතුවය.

2010 ජනාධිපතිවරණය සරත් ෆොන්සේකා මහතා පරාජයට පත්වන බව මුලින්ම අනාවැකියක් පැවැසූවේ ඔහුය. එමෙන්ම ඔහුට සිරගත වීමට සිදුවන බවද පැවැසීය. මේ හේතුව නිසාම ඔහුට මරණ තර්ජනය එල්ලවූ අතර, එම තර්ජනය එල්ල කළ පුද්ගලයාද අනිවාර්යෙම සිරගත වන බව ඔහු පැවැසූ අතර එය එසේම සිදුවිය. ඉන්පසුව පසුගිය වසරේදී ජනාධිපතිවරණයක් පැවැත්වීම ගැන නිශ්චිතව නොමැතිව තිබු කාලයේදී ඉදිරි ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ පරාජයට පත්වන බව ඔහු කීවේය. මේ නිසාම ඔහු ව ගෝඨබය රාජපක්ෂ විසින් බලහත්කාරයෙන් ගෙන්වගෙන එම ප්‍රකාශයන් වෙනස් කරන ලෙසට තර්ජනය කර තිබිණි. එහෙත් ඔහු නැවතත් පැවසූවේ රාජපක්ෂ ආණ්ඩුව අවසන් වන බවය.

මෙවර මහ මැතිවරණයෙන්ද සන්ධානය පරාජයට පත්වන බවත් මහින්ද රාජපක්ෂට අගමැතිධුරය නොලැබෙන බවත් පවසා තිබේ. ඔහුගේ අලුත්ම අනාවැකිය වූයේ කුරුණැගල දිස්තික්කයේ බහුතර ඡන්ද සංඛ්‍යාව විපක්ෂය ලබා ගන්නා බවය.

මේ තත්වය මත මහත් සේ කළඹල වී සිටින සන්ධානය නායකයන් පසුගිය දින කිහිපයේදීම පී ඩී පෙරේරා මහතා මුණ ගැසී තමතමන්ගේ හඳහන් බලන්නට පෝලීමේ පැමිණෙන බව වාර්තාවෙයි.

Last modified on Sunday, 09 August 2015 09:38

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us