මහින්දගේ මාධ්‍ය ප්‍රධානී හමුවට මව්බිමේ තුෂාර විතරයි

Published in පුවත්
Sunday, 09 August 2015 14:27

මහින්ද රාජපක්ෂ මහතා අද උදෑසන් 8.30 ට කොළඹ ජායික් හිල්ටන් හෝටලයේ සූදානම් කළ මාධ්‍ය ප්‍රධානින්ගේ හමුවට මාධ්‍ය ප්‍රධානියකු ලෙස සහභාගී වී ඇත්තේ 'මව්බිම' පුවත් පතේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂක තුෂාර ගුණරත්න මහතා පමණක් බව වාර්තා වේ. අනෙක් මාධ්‍ය ආයතන වලින් වාර්තාකරුවන් පමණක ඊට සහභාගි කරවා ඇත.

කෙසේ නමුත් මෙම මාධ්‍ය හමුව ආරම්බවන විට 9.30 ද පසුවූ අතර එම වාර්තාකරුවන් පිරිස අමතා විනාඩි දෙකක කාලයක් පමණක් රාජපක්ෂ මහතා කතා කර තිබේ. අනතුරුව ප්‍රශ්න ඇසීමේ වාරය පැයක පමණ කාලයක් පවත්වා ‍රැස්වීම විසුරුවා ඇත.

සුසිල් ප්‍රේමජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, ටිරාන් අලස්, ජී.එල් පීරිස් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.


මෙම අවස්ථාවේදී එක්සත් ජනතා නිදහස් සන්ධනාය වටා එක් රොක්වන ජනතාව දිනෙන් දින ඉහළ යමින් පවතින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත.

මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ 2005දී අපි බාරගත් රට නොව 2015දී අපි බාරදුන්නේ යනුවෙනි.

ඉදිරි මැතිවරණයෙන් ආසන 117ක බහුතර බලයක් ගන්නා බව විශ්වාස යැයිද අනිවාර්‍ය‍යයෙන්ම ආසන 113ට වඩා ගන්නා බවද හෙතෙම කීවේය.

එල්.ටී.ටී.ඊයට මුදල් ලබාදුන් බවට චෝදනාවක් තිබෙනවා නේදැයි ඇසූ ප්‍රශ්නයට හිටපු ජනාධිපතිවරයා පැවසුවේ කොටින්ට අවි ආයුධ දුන්නේ කවුදැයි හොඳට දන්නා බවයි.

කොටි සමග සාකච්ඡා කළේ නැති බවත්, එම සාකච්ඡාවලට තමන් නොගිය බවත්, යැවුවේ වෙනත් අය බවත්, හිටපු ජනපති පිළිතුරු ලෙස කියා සිටියේය.

අපි කළේ ආයෝජකයින් ගෙන්වා පතාලය යැවීම බවත්, වත්මන් රජය සිදුකර ඇත්තේ පාතාලය ගෙන්වා ආයෝජකයින් යැවීම බවත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එහිදී කියා සිටියේය.

වසීම් තජුඩීන්ගේ මරණය ගැන මාධ්‍යවේදියෙකුගේ ප්‍රශ්නයකට හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ එම පරීක්ෂණය ඇත්ත පරීක්ෂණයක් ලෙස කළ යුතු බවයි.

ඊට විමල් වීරවංශ මහතාද පිළිතුරු ලබාදීමට එක්විය.

මෙතුවක් කාලයක් “හොරා” කියමින් සිට ඡන්ද තුරුම්පුවක් ලෙස “මිනීමැරුවා” යැයි කීමේ සැලසුමක් මෙම සිද්ධියෙන් පැහැදිලි වන බව ඔහු කියා සිටියේය.

ඇතැම් අවස්ථාවලදී තමාට වැරදුණ බවත්, හිටපු ජනාධිපතිවරයා පැවසූ අතර එසේ වැරදුණු අවස්ථා මොනවාදැයි මාධ්‍යවේදීන් විමසන ලදී.

සජිත් ප්‍රේමදාස මහතාගේ නංගි කෙනෙක් ව්‍යාජ මුදල් සමග අසුවූ අවස්ථාවේ කළ මැදිහත්වීම හිටපු ජනාධිපතිවරයා සිහිපත් කළේය.

මේ අතර වත්මන් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමග සහයෝගයෙන් වැඩ කිරීමට සුදානම් බවද මහින්ද රාජපක්ෂ මහතා එහිදී කියා සිටියේය.

යළි ජ්‍යොතිෂ්‍ය විශ්වාස කරනවාදැයි විමසූවිට නෑ මම විශ්වාස කරන්නේ නෑ යනුවෙන් හිටපු ජනාධිපතිවරයා සිනාමුසු මුහුණින් පිළිතුරු දුන්නේය.

Last modified on Sunday, 09 August 2015 14:45

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us