රිෂාඩ් බදියුදීන්ට නොතීසි

Published in පුවත්
Tuesday, 04 August 2015 15:08

විල්පත්තුවේ සිදුකල නීති විරෝධී වනාන්තර කැපීම් සහ නැවත පදිංචි කිරීම් සම්බන්ධයෙන් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ඇතුළු වගඋත්තරකරුවන් අට දෙනෙකුට අභියාචනාධිකරණය අද (04)නොතීසි නිකුත් කළේය.

ස්වභාවික යුක්ති කේන්ද්‍රය විසින් බදියුදීන් ඇමැතිවරයා ඇතුළු 06 දෙනකු වග උත්තරකරුවන් කරමින් ගොනු කළ රිට් පෙත්සම විභාගයට ගත් අවස්ථාවේ එළෙස නොතීසි නිකුත් කෙරිණ.

ඒ අනුව ලබන සැප්තැම්බර් 16 වනදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙසට අභියාචනාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ මහතා සහ එච්.සී. මඩවල මහත්මිය ඔවුන්ට නොතීසි නිකුත් කලේය.

විල්පත්තුව මරිච්චිකට්ටුව ප‍්‍රදේශයේ රක්ෂිත ප‍්‍රදේශ එළිකර නිවාස ඉදිකිරීම් අඛණ්ඩව සිදු කෙරෙන බව පෙත්සම්කාර පාර්ශ්වයේ නීතීඥවරුන් අධිකරණය හමුවේ ප‍්‍රකාශ කර සිටියා. පාරිසරික ඇගයීම් වාර්තා කිසිවක් ලබා නොගෙන සිදු කරන මෙම ඉදිකිරීම් මුළුමනින්ම නීතියට පටහැණි බව ඔවුන් පෙන්වා දී තිබුණි.

කෙසේවුවත් බදියුදීන් යනු මහින්ද රාජපක්‍ෂගේ ආණ්ඩුවේ සිටියදීද වංචා දූෂණ සිදුකර පසුව යහපාලනය පැත්තට පැන යහපාලනය නාස්තිකරමින් සිටින්නෙකි.

Last modified on Tuesday, 04 August 2015 15:14

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us