ගෝල්ඩන් කී නඩුව ඉවරයි

Published in පුවත්
Tuesday, 04 August 2015 14:04

සෙලින්කෝ සභාපති ලලිත් කොතලාවලගේ ගෝල්ඩන් කී තැන්පතු සම්බන්ධයෙන් පැවැති සියලු නඩු කටයුතු අවසන් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අද (4) තීරණය කළේය.

ඒ අනුව එම මුදල් අදාළ තැන්පත්කරුවන්ට නැවත ගෙවීමේ රජයේ ක්‍රමවේදයට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දුන්නේය.

මේ සම්බන්ධයෙන් පැමිණිලි ගොනු කර තිබූ පාර්ශව සහ විත්තිකරුවන් යන සියලු පාර්ශව සමථයකට එකඟවීමෙන් පසු වසර 6ක කාලයක් පැවැති නඩු කටයුතු අවසන් කිරීමට තීන්දු විය.

තැන්පත් කරුවන් වෙනුවෙන් මුදල් ගෙවීම රජය මගින් පසුගියදා ආරම්භ කෙළේය.

ගෝල්ඩන් කී තැන්පතු වංචාව තුළින් පීඩාවට හා සිත්තැවුලට පත් තැන්පත්කරුවන් 26 දෙනකු සිය දිවි නසාගැනීම් හා විවිධ අසනීප හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇත.

තැන්පත්කරුවන් 9056 දෙනෙක් ගෝල්ඩන් කී සමාගමේ රුපියල් මිලියන 26500 ක් තැන්පත් කර තිබිණි. රුපියල් 50, 000 සිට ලක්ෂ දෙදහස දක්වා තැන්පතු ඒ අතර වෙයි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us