වනජීවී එක පිහිටෙව්වේ සරණ පතා එන වලසුන්ට සිර දඩුවම් දීමටද?

Published in පුවත්
Tuesday, 04 August 2015 12:24

විවිධ අනතුරු හේතුවෙන් තුවාල ලබා ප්‍රතිකාර කිරීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පශුවෛද්‍ය එකක වෙත රැගෙන එන ලද වලසුන් සිවුදෙනෙක් වනජීවී සංරක්ෂණයේ අරමුණුවලට පිටුපාමින් සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව වෙත පැවරීමට වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා කටයුතු කරමින් සිටින බව අප සංගමයට දැනගැනීමට ලැබී ඇත. උඩවලව ඇත් අතුරු සෙවන අනුබද්ධ වනජීවී රෝහලේ ප්‍රතිකාර ලැබූ වලසුන් තිදෙනෙක් හා ගිරිතලේ සෞඛ්‍ය කළමනාකරණ ඒකකයේ ප්‍රතිකාර ලැබූ එක් වලසෙකු මේ ආකාරයෙන් ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට ලබා දීමට නියමිතය.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පිහිටුවීමේ අරමුණ මෙරට වනජීවීන් සංරක්ෂණය කරගැනීම විනා සත්වෝද්‍යාන වල සිරකර තැබීම සඳහා සතුන් සැපයීම නොවේ. එබැවින් වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ මෙම අත්තනෝමතික හා අසාධාරණ ක්‍රියාකලාපය අප දැඩිව හෙලා දකින්නෙමු.

වලසා යනු ශ්‍රී ලංකාවේ හමුවන ඉතා විරල ක්ෂීරපායී සත්වයෙකු බව නොකිව මානය. දැනට දිවයිනේ සිටින්නේ ඉතා සීමිත වලස් ගහනයක් පමණි. එබැවින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකල යුත්තේ එම සීමිත වලස් ගහනය නියෝජනය කරන එක් සාමාජිකයෙකු හෝ යම්කිසි අනතුරකට පත්වූ විට එම සත්වයාට ප්‍රතිකාර කර පුනුරුත්ථාපනය කර නැවට වනපෙතට මුදා හැරීමය. නමුත් එම වගකීම නිසි පරිදි ඉටු නොකර මේ ආකාරයෙන් අපේ රටට හිමි සීමිත වනජීවී සම්පත් තම පටු වාසි ප්‍රයෝජන සඳහා භාවිතා කිරීමට වනජීවී අධ්‍යක්ෂවරයා කටයුතු කිරීම විමතියට කරුණකි.

එසේම අනෙක් අතින් සත්වෝද්‍යානයේ තමන් සතුව සිටින සතුන් අභිජනනය කරවා නව සතුන් ලබාගෙන සත්වෝද්‍යානවල ප්‍රදර්ශන අවශ්‍යතා ඉටුකර ගැනීමට කටයුතු නොකර මෙසේ මෙරට වනජීවීන්ට අත තැබීමට සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවටත් කිසිඳු සදාචාරාත්මක අයිතියක් නොමැති බව අප අවධාරණය කරමු.
එබැවින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සරණ පතා පැමිණි මෙම අසරණ වලසුන් සිවුදෙනා යලිත් උන්ගේ ස්වභාවික වාසස්ථාන වෙත යොමුකිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අප බලධාරීන්ගෙන් දැඩිව ඉල්ලා සිටිමු.

සුපුන් ළහිරු ප්‍රකාශ්
ශ්‍රී ලංකා ජෛවවිවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවය

Udawalawa-1

Girithale-1

Last modified on Tuesday, 04 August 2015 13:23

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us