හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ  ඉදිරි මහා මැතිවරණයට ඉදිරිපත් නොවන බව  වාර්තා වේ. එසේම මැතිවරණය ඉදිරිපත් නොවීමේ තීරණයට හිලව්වක් ලෙස  මහින්ද රාජපක්ෂ හිතවත් පාර්ශවයේ කිහිප දෙනෙකුට නාම යෝජනා ලබාදීමට මෛත්‍රීපාල ජනාධිපතිවරයා සමඟ එකඟතාවයකට  පැමිණීමට උත්සාහ ගනිමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඉදිරි මහමැතිවරණය අගෝස්තු මස 17 වන දින පැවැත්වීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

අද (26) මධ්‍යම රාත්‍රී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නියමිත බව ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග සඳහන් කරයි. ජනාධිපතිවරයා මේවනවිටත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ ගැසට් නිවේදනයට අත්සන් තබා ඇති බව වාර්තා වේ.

සංචාරයක් සදහා දිවයිනට පැමිණි හිටපු ඉන්දීය ජනාධිපති ආචාර්ය අබ්දුල් කලාම් මහතා අද (26) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවූයේය.

ශ්‍රී ලංකා ආණ්ඩුව හෝ ආණ්ඩුවේ නියෝජිතයින් නොමනා ලෙස හා නීති විරෝධී ලෙස මිනිස් ඝාතන සිදුකර ඇතැයි අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් 2014 වසරට අදාළව නිකුත් කරන ලද මානව හිමිකම් පිළිබඳ වාර්තාවෙන් පෙන්වාදී තිබේ.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සුබදායී පණිවිඩය ඉතා කඩිනමින් ලබාදෙන බව එක්සත් ජාතික පක්ෂය පවසයි. අද (26) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා සඳහන් කළේ ජනතාවට කඩිනමින් ස්ථාවර ආණ්ඩුවක් බිහිකළ හැකි බවය.

වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදීම සදහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදුන් කාලය මේ මස 30 වනදා දක්වා දීර්ඝ කිරිමට මැතිවරණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ටී.බී. FCIDයට

Published in පුවත්
Friday, 26 June 2015 12:38

හිටපු අමාත්‍ය ටී.බී ඒකනායක ප්‍රකාශයක් ලබාදීමට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට පැමිණ සිටී.

ld add copy

Latest News

විදුලි සේවක වර්ජනය අඛණ්ඩව

විදුලි සේවක වර්ජනය අඛණ්ඩව

සිය ඉල්ලීම් සඳහා සාධනීය පිළිතුරක් ලැබෙන තෙක් සිය වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව විදුලි සේවක වෘත්තී...

Connet With Us