විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛතී‍්‍රපාල සිරිසේන මහතා පොළොන්නරුව, නව නගරයේ ශී‍්‍ර විද්‍යාලෝක විහාරයේදී අද උදෑසන තම ඡන්දය භාවිත කළ අයුරු.

maithree3

mithree1

මේවන විට ක‍ටුනානායක අන්තර්ජාතික ගුවන් තො‍ටුපොළ හා ඒ අවට ප්‍රදෙශයන්හී ආරක්ෂාව දැඩි කර තිබේ.

මේ වන විට  කොළම හා තදාසන්න නගරවලින් ලැබෙන ආරංචි මාර්ග අනුව ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්ද දායකයන්ගේ විශේෂ උනන්දුවක් දකින්න ලැබෙන බව වාර්තාවේ.

මුදල් අමාත්‍යංශ ලේකම් පීබී ජයසුන්දර මහතා අද පාන්දර 1.30 ට ක‍ටුනායක ගුවන් තො‍ටු පොළින් සිංගප්පූරුව බලා පිටත්ව තිබේ. ඔහු ගේ ගමනාන්තය කුමක්ද යන්න හෙළිවී නැත.

ඇමැති බැසිල් රාජපක්ෂ මහතා සහ පාර්ලිමේන්තු නාමල් රජපක්ෂ මහතා ඊයේ රාත්‍රියේදී එජාප පර්ලිමෙන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා අමතා ජනාධිපතිවර්ණය යම් කිසි ලෙසකින් ඔවුන් පරාජයට පත්වුව හොත් තමන්ගේ හා පවුලේ සාමාජිකයන්ගේ ආරක්ෂාව තහවුරු කර දෙන ඉල්ලා ඇති බව වාර්තා වේ.

ජනාධිපතිවරණයට අදාළ පැමිණිලි භාර ගැනීම සදහා මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ ස්ථාපිත කෙරුණු විශේෂ ඒකකය මේ වනවිට එම කටයුතු ආරම්භ කර අැත. දිස්ති‍්‍රක් මට්ටමින් පැමිණිලි භාර ගැනීම සිදුකරන බව මැතිවරණ මහලේකම් කාර්යාලය ප‍්‍රකාශ කළේය.

ඊයේ අප විසින් හෙළිකල පුවතට අනුව උතුරු නැගෙනහිර පළාත්වලට යවා ඇති නාවික හමුදා සෙබලුන් 2000 ක පමණ කණ්ඩායම විසින් මේ වන විට බරපතල ලෙස මැතිවරණ නීති කඩ මින් කටයුතු කරන බව වර්තාවේ.

ජනාධිපතිවරණ ඡන්ද විමසීම මිට සුළු මොහොතකට පෙර ආරම්භ වුයේය. ඡන්ද විමසීම පස්වරු හතර දක්වා දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන දොළොස් දහස් දෙසීය පනස් දෙකකදී පැවැත්වීමට නියමිතය.

 

ld add copy

ක්‍රීඩා

Connet With Us