සේවය හැර ගිය ගුවන් සෙබළුන්ට පොදු සමා කාලයක් ලබා දීමට රජය තීරණය කර තිබේ.

එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු ප්‍රධාන පෙළේ නායකයෙකු බව පැවසෙන අත්මලිංගම් රවීන්ද්‍ර හෙවත් රුපන් නැමැත්තා මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වීමට සුදානම් බව වාර්තා වේ.

ටිරාන් අලස්ව එළැඹෙන 6 දා තෙක් අත්අඩංගුවට නොගන්නා බව අද (29) නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

හැකිනම් තමන් සමග අගමැති සටනට එන්නැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට අභියෝග කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (28 දා) දඹුල්ලේ පැවැති ජන හමුවකදී පැවසීය.

මැතිවරණයට ඉදිරිපත් වන ස්වාධීන කණ්ඩායම් වලින් ඇප මුදල් තැන්පත් කිරීම මේ වනවිට ආරම්භ කර තිබේ.

ඉදිරි මහ මැතිවරණයේදී එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ ජයග්‍රහණය උදෙසා සහාය ලබා ගැනීමට වාමාංශික පක්‍ෂ හා සුළු පක්‍ෂ නියෝජිතයන්ගේ සාකච්ඡාවක්‌ අද (29 වැනිදා) සවස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

ලබන අඟහරුවාදා වනවිට තමන් සන්ධානයෙන් අගමැති අපේක්ෂකයා ලෙස නම් නොකළහොත් එය එදිනට බලාගත හැකි බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

පසුගිය කාලයේ විවිධ පෞද්ගලික වාසී සඳහා බොහෝ පිරිසක් එක්සත් ජාතික පක්ෂය හැර ගිය බවත් හැර ගිය පුද්ගලයින් යළි පක්ෂයට නොගන්නා බවත් වැවිලි කර්මාන්ත අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

ld add copy

Latest News

විදුලි සේවක වර්ජනය අඛණ්ඩව

විදුලි සේවක වර්ජනය අඛණ්ඩව

සිය ඉල්ලීම් සඳහා සාධනීය පිළිතුරක් ලැබෙන තෙක් සිය වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව විදුලි සේවක වෘත්තී...

Connet With Us