රාජපක්ෂ මාපිය සොහොනට වැය කළ මහජන මුදල් නැවත ගෙවයි

Published in පුවත්
Wednesday, 26 August 2015 08:53

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු රාජපක්ෂ සොයුරන්ගේ පියා වූ අභාවප්‍රාප්ත ඩී.ඒ. රාජපක්ෂ මහතා සහ එම මැතිනියගේ සොහොන් කොත් නවීකරණය කිරීම සඳහා වීරකැටිය යෝජනා ක්‍රමය නමින් ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවෙන් යොදවා ඇති රුපියල් කෝටි හයක පමණ මුදල ආපසු ගෙවීමට ඩී.ඒ. රාජපක්ෂ පදනම ඉදිරිපත් වී තිබේ.

මේ සංස්ථාව මඟින් එම ඉදිකිරීම් කටයුතු කර තිබුණේ ආරක්ෂක අමාත්‍යාංශය සහ නාගරික සංවර්ධන අධිකාරියේ මැදිහත්වීම මත වෙයි.

ඩී.ඒ. රාජපක්ෂ මහතාගේ සහ එම මැතිනියගේ සොහොන් කොත් වීරකැටිය යෝජනා ක්‍රමය නමින් වූ එම සංවර්ධන වැඩපිළිවෙළ ඔස්සේ එතරම් විශාල මුදලක් වියදම් කර නවීකරණය කර ඇත්තේ කුමන හේතුවක් මතද එසේම එම මුදල අනවශ්‍ය නාස්තිකාර මුදලක් බවටද රාජ්‍ය විගණනය ද ඉඩම් ගොඩකිරීමේ සංස්ථාව වෙත විගණන විමසුමක් යවමින් විමසා තිබුණි.

අලංකාර නෙළුම් මල්, කැටයම්, පොකුණු, මල්වැට සහ එම සොහොන් වෙත යන මාර්ගය අලුත්වැඩියා කිරීමටද මෙම මුදල වියදම් කර තිබුණි.

ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවේ එවකට සිටි සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය එම මුදල් එසේ යොදවා ඇත්තේ ආයතනය විශාල මුදල් හිඟයකින් පෙළෙමින් විශාල ණය මුදලක්ද අයදුම්කර සිටියදී බව රාජ්‍ය විගණනය කරනු අනාවරණය කරගෙන තිබුණි.

මේ සම්බන්ධව ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවේ වර්තමාන සභාපතිවරයාගේ උපදෙස් මත අභ්‍යන්තර පරීක්ෂණයක්ද සිදු කෙරුණි.

මේ තත්ත්වය එසේ තිබියදී මාධ්‍ය හරහා මේ සම්බන්ධව ප්‍රචාරය වෙද්දී ඩී.ඒ. රාජපක්ෂ පදනම එම වියදම් පිළිබඳ වාර්තාවක් අදාළ අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් ඉල්ලා ඒවා ආපසු ගෙවීමට එකඟ වී ඇතැයි පැවසේ.

 

dinamina

Last modified on Wednesday, 26 August 2015 11:52

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us