සම්මුතික ආණ්ඩුවේ කැබිනට් ඇමැතිධුර සංඛ්‍යාව 45 ක් දක්වා ඉහළ යන අතර ඉන් 30ක් එක්සත් ජාතික පක්ෂයටත් 15ක් ශ්‍රී ලංක නිදහස් පක්ෂය අටත් හිමිවන අතර නියෝජ්‍ය හා රාජ්‍ය ඇමැතිකම් ද 45ක් ඉක්මවනු ඇතැයි පැවැසේ.
හෙට දිනයේදී ඇමැතිවරු විසි ගනනක් දිවුරුම් දිමට නියමිත අතර ඉතුරු පිරිස පාර්ලිමේන්තුවේ ජාතික ආණ්ඩුවක් පිහිටුවන බවට වන යෝජනා සම්මතයෙන් පසුව දිවුරුම් දෙනු ඇත.
කෙසේ නමුත් එජාපය හා ශ්‍රී ලනිපය අතර ඇමැති ධුර බෙදා ගැනීමේ අර්බුදය තවමත් විසැඳී නොමැති බවද වාර්තාවේ. එජාප ආරංචි මාර්ග සඳහන් කරන්නේ ශ්‍රී ලනීපයට බලතල වැඩි ඇමැතිධුර කිහිපයක් ලබා ගැනීමේ වෙනුවෙන් හිටපු ජනාධිපතිනිය දැඩි බලපැමක් සිදු කරමින් සිටින බවය.