මේ වන විට එක්නැලිගොඩ මහතාගේ අතුරුද්න් වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වාගෙන යන අතර එහිදී ශ්රි ලංකා යුධ හමුදවේ ඉහළ නිළධාරීන් හා පැවැති රාජපක්ෂ රෙජීමයේ ප්රබලයන් කිහිප දෙනෙකුම සම්බන්ධ අපරාධ රැසක් පිළිබඳව තොරතුරු හෙළිදරව් වෙමින් පවතී.
මේ අතර දෙමළ ජාතික සන්ධනයේ නායක ආර් සම්බන්ධන් , උතුරුපළාත් මහ ඇමැති විග්නේෂ්වරන් ඇතුළු නියෝජිතයන් පිරිසක්ද අමරිකානු නියෝජිත කණ්ඩායම සමඟ අද දින අමරිකානු තානාපති කාර්යාලයේදී සාකච්ඡාවක නිරත විය.