කබ්රාල්ට, අර්ජුන් මහේන්ද්‍රන්ට බෑණාට එරෙහි නඩු ඉවත්කර ගනියි

Published in පුවත්
Thursday, 27 August 2015 16:04

මහබැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළව මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාට සහ ඔහුගේ බෑනණුවන් වන අර්ජුන් ඇලෝසියස් යන දෙදෙනාට එරෙහිව පවරා තිබූ පෙත්සමක් පෙත්සම්කාර පාර්ශවය විසින් ඉවත්කරගෙන තිබේ.

බස්නාහිර පළාත් සභාවේ එජනිස මන්ත්‍රී රේණුක පෙරේරා විසින් ගොනු කර තිබුණු මෙම පෙත්සම අද (27) පෙත්සම්කාර පාර්ශවය විසින් ඉවත්කරගෙන ඇත.

අද දින අධිකරණයට කැඳවන ලද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නීතිඥවරියක විසින් විවෘත අධිකරණය හමුවේ පවසා ඇත්තේ මෙම චෝදනා වලට අදාළව අල්ලස් කොමිසම විසින් පරීක්ෂණයක් සිදුකරන බවයි.

ඒ පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වෙන බැවින් තම පෙත්සම ඉවත්කර ගන්නා බව පෙත්සම්කාර පාර්ශවය අධිකරණයට දැනුම්දීමෙන් පසු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසින් පෙත්සම ඉවත්කර ගැනීමට අවසර ලබා දී තිබේ.

මේ අතර හිටපු මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහ හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් යන අයට එරෙහිව ගොනුකර තිබුණු පුද්ගලික නඩු දෙකක්ද අදාළ නඩු පැවරූවන් විසින්ම ඉවත්කරගෙන තිබේ.

මෙම නඩු පවරා තිබුණේ නීතිඥ කැලුම් කුමාරසිංහ නමැති අයෙකි.


(අද දෙරණ)

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us