එක්‌නැලිගොඩ ඝාතනයට සැක හමුදා සෙබළුන්ට ආරක්ෂාව?

Published in පුවත්
Thursday, 20 August 2015 08:10

මාධ්‍යවේදී ප්‍රගීත් එක්‌නැලිගොඩ මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටින හමුදා සෙබළුන් සිව්දෙනාට ආරක්‌ෂක අංශ ප්‍රධානීන් කීපදෙනකු විසින් රැකවරණය ලබාදීම නිසා පරීක්ෂණ කටයුතු ඉදිරියට කරගෙන යෑමට නොහැකි තත්ත්වයක්‌ උදාවී ඇතැයි දිවයින පුවත්පත වාර්තා කරයි.

මෙම හමුදා සෙබළුන් සිව්දෙනා වහාම තමන් වෙත භාරදෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යුද හමුදා බලධාරීන්ට දැනුම් දුන්නද ඊයේ (19 ) වන තෙක්‌ ඔවුන් භාරදී නැත.

එක්‌නැලිගොඩ මහතා පැහැරගෙන ගොස්‌ ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අංශයට අනුයුක්‌තව රාජකාරි කළ සෙබළුන් දෙදෙනකු සහ විශ්‍රාමික යුද හමුදා සාජන් මේජර්වරයකු මීට ඉහතදී අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබිණි.

එම සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී එක්‌නැලිගොඩ ඝාතනය සම්බන්ධයෙන් සියලු තොරතුරු අනාවරණය වී තිබේ.

එක්‌නැලිගොඩ මහතා පැහැරගෙන ගොස්‌ ගිරිතලේ ප්‍රදේශයේ කඳවුරක සිරකරගෙන ඔහුගෙන් දින තුනක්‌ තිස්‌සේ ප්‍රශ්න කර ඇත. අත්අඩංගුවට ගැනීමට නියමිත හමුදා සෙබළුන් සිව්දෙනා එක්‌නැලිගොඩ ඝාතනයේ ප්‍රධානම සැකකරුවන් වී සිටින බව පරීක්ෂණවලින් හෙළිවී ඇත.

දිවයින ඇසුරෙනි

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us