මෛත්‍රීපාල සිරිසේන මහතාට හිතවත් පාර්ශ්වය විසින් සන්ධාන ආණ්ඩුවක් පිහිටුවා ගැනිම සඳහා කළ කුමන්ත්‍රණය පරාජයට පත්කර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකයන් කිහිප දෙනෙකුගේම සහය ලබා ගෙන එජාප ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය බහුතර මන්ත්‍රීවරු ප්‍රමාණය තහවුරු කර ගැනීමට සමත්ව තිබේ. එම කණ්ඩායම 20 දෙනෙකු පමන වන බවත් වාර්තාවේ.
ඒ කෙසේ නමුත් මේවන විටත් නව අගමැතිවරයා හා නව ඇමැති මණ්ඩලය දිවුරුම් දීමට දිනයක් නිශ්චිතව ජනාධිපතිවරයා විසින් ලාබා දී නොමැත.
කවර තත්වයක් යටතේ වුව 'හවුල් ආණ්ඩුවක් 'වෙනුවට, එක්සත් ජාතික පක්ෂය, 'ජාතික ආණ්ඩුවක් 'පිහිටුවා ගැනීමේ උත්සහයෙහි තවදුරටත් නියැලී සිටින බව එජාප ජේෂ්ඨයකු පැවැසීය.
සැබැඳි පුවත්: