මීට වසර 10කට පෙර පැහැරගෙන ගොස් ඝාතනය කෙරුණු ධර්මරත්නම් සිවරාම් මාධ්‍යවේදියා වෙනුවෙන් සැමරුම් උළෙලක් ඊයේ(29) පැවැත්වුණි. මඩකලපු නගරසභා ශාලාවේ පැවැත්වුණු මෙම උත්සවය සදහා මඩකලපු මාධ්‍යවෙදීන්ගේ අාරාධනයෙන් උතුරේ මාධ්‍යවේදීන්,නැගෙනහිර මාධ්‍යවේදීන් මෙන්ම දකුණේ මාධ්‍යවේදීන් ද සහභාගී වූහ.

මඩකලපු දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදීන්ගේ එකතුවෙන් www.thaayman.com (මව්බිම) නමින් පුවත් වෙබ් අඩවියක් ඊයේ (29) ආරම්භ කළේය.මෙම ආරම්භක උත්සවය මඩකළපුවේ සර්වෝදය පදනමේදී ඊයේ සිදුවූයේය.

ද්විත්ව පුරවැසිභාවය ලැබුවන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර දැරිය නොහැකි බවට 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් පිළිගෙන ඇත. එබැවින්, ද්විත්ව පුරවැසිභාවය ලබා සිටින හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට හා හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂට ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වීමට නොහැකිය.

වාසුදේව නානායක්කාර සහ විමල් වීරවංශ යන මහත්වරුන් අද (30) අල්ලස් කොමිසම හමුවේ පැමිණිල්ලක් ගොනු කළේය.

පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවෙකුට පහරදීමට තැත් කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන අද (30)තෙක් රිමාන්ඩ් කළ හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු ලබන 13 තෙක් යළි රිමාන්ඩ් කර තිබේ.

උතුරේ අවතැන් ව සිටින සියළු දෙනාම වසරක් තුළ පදිංචි කර අවසන් කෙරෙන බව පුනරුත්ථාපන ,යළි පදිංචි කිරීම සහ හින්දු කටයුතු ඇමති සුවාමිනාතන් පවසයි.

වෙලේසුදා නොහොත් සමන්ත කුමාරගේ සහ සිද්ධික් මොහොමඩ් නමැත්තා විසින් පවත්වාගෙන යනු ලැබූ ගිණුම් පිළිබඳ මූල්‍ය ආයතන තුළ සිදුකරනු ලබන පරීක්ෂණවලදී මොවුන් දෙදෙනා බැංකු ගිණුම් 60කට අධික ප්‍රමාණයක් පවත්වාගෙන ගොස් තිබෙන බවට හෙළි වී ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

සීගිරියේ කුරුටු ගී වලට හානි කළැයි වරදකාරිය වී දෙවසරක සිරදඬුවම් ලැබ ජනාධිපති සමාව යටතේ නිදහස ලැබුවත් මුදාහැරීමට ලිඛිත නියෝගයක් නොලැබීම හේතුවෙන් අනුරාධපුර බන්ධනාගාරයේ රඳවාගෙන සිටි ද්‍රවිඩ ජාතික සින්නතම්බ් උදයශ්‍රී බන්ධනාගාරයෙන් නිදහස් කර තිබේ.

ld add copy

Latest News

රජයේ ඉඩම් සම්බන්ධව නව පනතක්

රජයේ ඉඩම් සම්බන්ධව නව පනතක්

රජයේ ඉඩම් සම්බන්ධව ඇති සියලුම පනත් එකතු කර එක් පනතක් සකස් කිරීම සම්බන්ධව අවධානය යොමුවී ඇතැයි කෘෂිකර්...

Connet With Us