එක්නැලිගොඩට ගහල දාන්න අණ දුන්න කෙරුමාව දන්නවාලු

Published in පුවත්
Wednesday, 21 October 2015 08:30

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ අතුරුදන්වීම පිටුපස සිටින දැවැන්තයා කවුද යන්න පිළිබඳ තොරතුරු මේ වන විට අනාවරණය කරගෙන ඇති බව රහස් පොලිසිය කියයි.

එම අතුරුදන්වීම සම්බන්ධව අත්අඩංගුවේ සිටින සැකකරුවන් 11 දෙනාට අමතරව තවත් පුද්ගලයන් ගණනාවකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

ඒ හැර එක්නැලිගොඩ මහතා සමඟ හිතවත්කම් පැවැත්වූ ඔහු රැගෙන ගොස් ගිරිතලේ කඳවුරේ රඳවාගෙන සිටීම හා එම කඳවුරේ ඒ අවස්ථාවේ සිටි නිලධාරීන් හමුදා ඒකක බාරව සිටි පිරිස ඔහු රැගෙන ගිය වාහනයට අදාළ පුද්ගලයන් එම බුද්ධි ඒකක මෙහෙය වූ නිලධාරීන් ඇතුළු තවත් වගකිවයුතු පුද්ගලයන් රැසකගෙන් ප්‍රකාශ ලබා ගැනීමට නියමිතව තිබේ. පසුගිය කාලයේ එසේ ප්‍රකාශ ලබාගත් ඇතැම් පුද්ගලයන්ගේ, ප්‍රගීත්ගේ අතුරුදන්වීම සම්බන්ධ වැදගත් තොරතුරු ගණනාවක් අනාවරණය කර ගැනීමට හැකිවී තිබේ. එම තොරතුරු තහවුරු කර ගැනීමට තවදුරටත් පරීක්ෂණ සිදු කෙරේ.

එක්නැලිගොඩ මහතා රාජගිරියේ සිට දඹුල්ලටත් එතැනින් ගිරිතලේ බුද්ධි ඒකකයටත් ගිරිතලේ සිට වැලිකන්දට සහ එතැනින් ත්‍රිකුණාමල‍යටත් රැගෙන ගොස් ඇති බවට බොහෝදුරට තොරතුරු සනාථ වී ඇත.

ප්‍රගීත්ගේ අතුරුදන්වීම පිටුපස සිටින පුද්ගලයන් මේ වන විටත් අනාවරණය වී ඇති අතර ඔහු එසේ සිදු කළේ කුමකටද යන්න ඔහු රහස් පොලිසියට කැඳවා ප්‍රශ්න කෙරෙනු ඇත.

dinamina

Last modified on Wednesday, 21 October 2015 10:28

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us