කර්තෘ මාලින්ද සෙනෙවිරත්න ඉල්ලා අස්වේ. The Nation වසා දමයි.

Published in පුවත්
Wednesday, 21 October 2015 12:29

රිවිර මීඩියා කෝපරේෂන් විසින් පවත්වාගෙන යනු ලබන ද නේෂන් (The Nation) පුවත්පත අද (21) සිට වසා දැමීමට තීරණය කර ඇත. අද දින එම පුවත්පතේ කර්තෘ මාලින්ද සෙනෙවිරත්න මහතාට එම පාලන අධිකාරිය මේ බව දැනුම් දි තිබේ. කෙසේ නමුත් මාලින්ද සෙනෙවිරත්න මහතා පසුගිය ජුනි මාසයේදී ඉල්ලා අස්වීමේ ලිපියක් බාර දී තිබුණු බවද වාර්තාවේ.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට පක්ෂපාතී ලෙස කටයුතු කළ අදාල පුවත්පතට වත්මන් ආණ්ඩුව හරහා දැන්වීම් නොලැබීම නිසා අදාල පුවත්පත වසා දැමීමට තීරණය කර ඇති බව පැවසේ.

ද නේෂන් (The Nation) වසා දමන්නේ නම් යහ පාලන ආණ්ඩුව යටතේ වසා දැමෙන දෙවැනි පුවත්පත එය වේ.

මීට පෙර 'රන්දිව' සිංහල පුවත්පත වසා දැමීය. ඉදිරියේදී රිවිර පුවත්පතද වසා දැමීම සිදුවනු ඇති බවත් එමෙන්ම මව්බිම පුවත්පත් ආයතනයද මේවන විට පවත්වගෙන යන්නේ දැඩි මූල්‍යමය දුෂ්කර තාවයක් සහිතව බව වාර්තාවේ.

ද නේෂන් (The Nation) පුවත්පත පවත්වාගෙන යනු ලැබුවේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඥාතීන්වන නිලන්ත රාජපක්ෂ හා ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගමේ හිටපු සභාපති විශ්‍රාමික කර්නල් ප්‍රසන්න වික්‍රමසූරිය යන මහත්වරුන් විසිනි. කෙසේ නමුත් මෙම ආයතනයේ කළමණාකරිත්වය වෙනස් කර තව මාස කිහිපයකින් පුවත්පත් ආයතය නව කර්තෘ මණ්ඩලයක් යටතේ ආරම්බ කිරීමටද නියමිත බව එම ආයතනය සම්බන්ධ ආරංචි මාර්ග පවසයි

Last modified on Wednesday, 21 October 2015 12:44

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us