මහින්ද පත්කළ පරණගම කොමිෂන් වාර්තාවෙත් තියෙන්නේ එක්සත් ජාතීන්ගේ නිර්දේශමයි. විදේශ විනිසුරුවරුන් යෝජනා කළෙත් මහින්දමයි.

Published in පුවත්
Tuesday, 20 October 2015 20:59

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් යෝජනාව සහ උදලාගම හා පරණගම කොමිෂන් වාර්තා අද දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවේදී සභාගත කර තිබේ.

මානව හිමිකම් කඩවීම් පිළිබඳ විමසීම සඳහා පත් කරනු ලැබූ මැක්ස්වෙල් පරණගම සහ නිශ්ශංක උදලාගම කොමිෂන් සභා වාර්තා ප්‍රසිද්ධියට පත් කරන ලෙස කැෆේ සංවිධානයත්, ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍යත් පසුගිය දිනවල රජයෙන් ඉල්ලීමක් කර තිබිණ.

එසේම මෙම වාර්තා ජිනීවා මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් නොකළ බවට ද විපක්ෂයේ දේශපාලන නියෝජිතයින් රජයට චෝදනා නඟන ලදී.

එකී වාර්තා ජිනීවා මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් නොකර ජිනීවා යෝජනා මත පදනම්ව යුද අපරාධ චෝදනා ගැන පරීක්ෂණ සිදුකිරීමට සුදානම් වන බවට විපක්ෂයේ දේශපාලන නියෝජිතයින් හා ඇතැම් සංවිධාන රජයට චෝදනා එල්ල කළේය.

එහෙත් මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටියදී පත් කළ මෙම කොමිෂන් සභා නිර්දේශවලත ඇත්තේ මෙරට මානව හිමිකම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ඉදිරිපත් කෙරුණු නිර්දේශයන් හා සමාන නිදේශයන් බව තතු දත්තො පවසති.

එමෙන්ම විදේශිය විනිසුරුවරයන්ගෙන් සමන්විත අධිකරණයක් මඟින් මෙරට යුධ අපරාධ සම්බන්ධයෙන් ක්‍රියා කළ යුතු බව 2014 වසරේදී මුලින්ම යෝජනා කර ඇත්තේද මහින්ද රාජපක්ෂ මහතා විසින් බවද අද දින අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදි හෙළි කරන ලදී. එම යෝජනාව සම්බන්ධයෙන් තමන් මහින්ද රාජපක්ෂ මහතාට ප්‍රශංසා කරන බවද අගමැතිවරයා පැවැසීය.

Last modified on Tuesday, 20 October 2015 21:07

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us