මුතුරාජවෙල අභයභූමියට යහපාලනයෙන් වත් සහනයක් නැතිද?

Published in පුවත්
Tuesday, 20 October 2015 13:25

ශ්‍රී ලංකාවේ අගනුවර තදාසන්න ඉතා වැදගත් සමුද්‍රාසන්න තෙත්බිම් පරිසර පද්ධතියක් හා වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක පනත අනුව වනජීවී රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති මුතුරාජවෙල අභයභූමියේ අක්කර 150ක් බිලිගනිමින් ඉකුත් ආණ්ඩු සමයේ ඉදිකිරීමට උත්සාහදැරුණු, පරිසර සංරක්ෂනවේදීන්ගේ මැදිහත්වීමෙන් හකුලා ගැනුණු බෝපිටිය සුඛෝපභෝගී නගර සංවර්ධන ව්‍යාපෘතිය යලිත් ආරම්භ කිරීමට වර්තමාන ආණ්ඩුව කටයුතු කිරීම නිසා ඉතා බරපතල සමාජාර්ථික හා පාරිසරික ව්‍යසනයක් ඇතිවීමේ අවධානමක් පැනනැගී ඇත.

මීට අදාල එකගතා ගිවිසුම් අත්සන් තැබීම පසුගියදා කොළඹදී සිදුකෙරුණේ අදාල සමාගමේ හා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ඉහළ නිලධාරීන්ගේ මෙන්ම මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ සහභාගීත්වයෙනි. මීගමුව කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සිට කොළොඹ දක්වා දිවෙන කිලෝමීටර් 42ක දිගින් සමන්විත අධිවේගී විදුලි දුම්රිය මාර්ගයක් හා ඒ ආශ්‍රිත සියලු සුඛෝපභෝගී පහසුකම්වලින් සමන්විත නගර දෙකක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක් වන මෙමගින් බෝපිටිය ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත සුඛෝපභෝගී නගරය සඳහා මුතුරාජවෙල අභය භූමියට අයත් තෙත්බිම් අක්කර 150ක් මුල් අධියරයෙදී මෙසේ පෞද්ගලික සමාගමකට බිලිදීමට නියමිතය.

මැලේසියාවේ Airport Express Air and Rail Company (Pvt) Ltd නැමති සමාගම උක්ත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා මුලින්ම උත්සාහ දරුණේ ශ්‍රී ලංකා ආයෝජනා මණ්ඩලය වෙත ඉදිරිපත් කරනලද 2012 දෙසැම්බර් 13 දිනැති අයදුම්පත්‍රය මගිනි. ඒ අනුව මෙම ව්‍යාපෘතිය සඳහා අදාල ඉඩම් නිදහස් කර ගැනීමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ආයෝජන ප්‍රවර්ධන හා මහා ව්‍යාපෘති පිළිබඳ විධායක අධ්‍යක්ෂ ශිවන් ද සිල්වා විසින් EC/4/1718/12 අංක දරන ලිපිය මගින් වනජීවී අධ්‍යක්ෂ ජනරාල් වරයාගෙන් ඉල්ලීම් කර තිබුණේ 2013 දෙසැම්බර් 05 වැනිදාය. මෙම ව්‍යාපෘතියට අදාලව කෙරවලපිටිය හා බෝපිටිය ප්‍රදේශවල සුඛෝපභෝගී නගර දෙකක් ඉදිකිරීමට නියමිත අතර එයින් බෝපිටිය නගරය ඉදිකිරීමට නියමිතව ඇත්තේ ජාඇළ ප්‍රදේශයේ අධිවේගී මාර්ගයට යාබද මුතුරාජවෙල අභයභූමියට අයත් ඉඩම් අක්කර 150ක භූමියක් යොදා ගනිමිනි.

මේ සම්බන්ධයෙන් එල්ලවූ විරෝධය හමුවේ එම ව්‍යාපෘතිය හකුලා ගැනීමට එවකට බලධාරීන් කටයුතු කලද යලිත් මෙසේ ඉතිහාසයේ සිදුවීමට ගිය වරද යලිත් සිදුකිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරන්නේ මුතුරාජවෙල අභයභූමියට යහපාලනයෙන් වත් සහනයක් අත් නොවේද යන ගැටළුව අප හමුවේ ඉතිරි කරමිනි. මීට කැබිනට් මණ්ඩලයේ අනුමැතියද ලැබී ඇති බව දැනගන්නට ලැබී තිබේ.

නමුත් මෙකී ව්‍යාපෘතිය සිදුකිරීමට බලධාරීන් ඉඩ ලබා දුනහොත් දිවයිනේ අගනුවර ආසන්න ඉතා වැදගත් තෙත්බිම් පරිසර පද්ධතියක් වන මුතුරාජවෙල අභයභූමියේ වනජීවී ප්‍රජාවට බරපතල බලපෑම් සිදුවන අතරම මෙම තෙත්බිම මගින් සැලසුණු ඉමහත් සේවාව නොලැබී යාමෙන් ආශ්‍රිත ජනතාවටද දුෂ්කරතා රැසකට මුහුණ දීමට සිදුවන බව අවධාරණය කරමු.

1989 වසරේදී ආසියානු තෙත්බිම් නාමාවලියේ අන්තර්ජාතිකව වැදගත් වන ශ්‍රී ලංකාවේ තෙත්බිම් 41 අතරට ඈතුලත් කරනලද මුතුරාජවෙල තෙත්බිමට අයත් හෙක්ටයාර් 1029ක භුමි ප්‍රමාණයක් වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥ පනත යටතේ 1996 ඔක්තෝබර් මස 31 වැනි දින අංක 947/13 දරන ගැසට් නිවේදනය අනුව අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත්කරන ලදී. මෙහි දැනට වාර්තාවී ඇති සත්ව කාණ්ඩ 07 කට අයත් විශේෂ 449 ක වනජීවීන් ප්‍රමාණය මෙහි ජෛව විද්‍යාත්මක අගය කියාපාන අතරම ඒ අතරින් විශේෂ 26 ශ්‍රී ලංකාවට අවේණික වීමද සුවිශේෂී කරුණකි.

මෙහි ඇති පාරිසරික වැදගත්කමට නොදෙවැනි ආර්ථික හා සමාජීය වටිනාකම් රැසක්ද මුතුරාජවෙල මගින් ජනතාවට සැලසෙයි. නමුත් එතරම් වටිනාකම් රැසකින් සමන්විත මුතුරාජවෙල තෙත්බිමේ ස්ථිරසාර පැවැත්ම තහවුරු කිරීමට බලධාරීන් තවමත් කටයුතු නොකිරීම ජාතියේ අවාසනාවකි. අධිවේගී දුම්රිය මාර්ගය හා බෝපිටිය සුපිරි නගර ව්‍යාපෘතියද මෙම රමණීය තෙත්බිම ගිලගැනීමට මාන බලන්නේ මෙවැනි පසුබිමකය.

සුපිරි නිවාස සංකීර්ණ , හෝටල් , කඩ සාප්පු , වෛද්‍ය මද්‍යස්ථාන , ක්‍රීඩාංගනය , ගොල්ෆ් පිටි ආදී සියලු සුඛෝපභෝගී පහසුකම්වලින් සමන්විත නගරයක් ඉදිකර පෞද්ගලික සමාගමකට කෝටි ගණන් මුදල් ඉපයීමට ඉඩ සලසා දෙමින් මුතුරාජවෙල තෙත්බිම ආශ්‍රිතව පරම්පරා ගණනක් ජීවත්වූ අසරණ ජනතාවගේ ජීවිත කබලෙන් ලිපට විසිකර දැමීමට කටයුතු කරන මෙම ඊනියා සංවර්ධන ව්‍යාපෘතියට මුතුරාජවෙල තෙත්බිමේ හා අභයභූමියේ ඉඩම් බිලි නොදීමට වගබලා ගැනීම නිලධාරීන්ගේ හා බලධාරීන්ගේ යුතුකම හා වගකීම බව අප ඉතාමත් අවධාරණයෙන් සඳහන් කරනු කැමැත්තෙමු.

රටකට සංවර්ධනය අත්‍යාවශ්‍ය නමුත් තිරසාර නොවන සංවර්ධන ව්‍යාපෘති මගින් අපේක්ෂිත දීර්ඝකාලීන ප්‍රතිපල ජනතාව වෙත නොලැබෙන බව යලි යලිත් කිවයුතු නැත. එසේම මේ සඳහා ගම්පහ දිස්ත්‍රික්කයේ අධිවේගී මාර්ගයට යාබද වෙනත් සුදුසු ඉඩම් සොයා ගැනීමට ඕනෑ තරම් අවකාශ තිබියදී සොබාදහමේ අමිල දායාදයක් වන තෙත්බිමක් ඒ සඳහා කෙලෙසා දැමීම කිසිඳු ලෙසකත් අනුමත කළහැකි නොවේ.

තවද 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතට අනුව ප්‍රකාශිත 1995 පෙබරවාරි 23 දිනැති අංක 859/ 14 දරන ගැසට් නිවේදනය අනුව අභය භූමියක් තුල හෝ අභය භූමියක මායිමේ සිට මීටර් 100ක් ඇතුලත යම් සංවර්ධන ක්‍රියාකාරකමක් සිදුකිරීමට ප්‍රථම පාරිසරික බලපෑම් ඇගයීම් ක්‍රියාවලියකට යටත්ව පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබාගත යුතු වුවත් මෙම ව්‍යාපෘතිය සඳහා එවැනි අනුමැතියක්ද ලබාගෙන ඇතිබවක් දැනගන්නට නැත. එබැවින් අප ඔබගෙන් ඉතා ඕනෑ කමින් ඉල්ලා සිටින්නේ සිදුවන්නට යන මහා විනාශයෙන් මුතුරාජවෙල අභයභූමිය ආරක්ෂාකර එහි වටිනාකම් මතු පරම්පරා ගණනාවක් වෙනුවෙන් ඉතිරිකර තැබීමට කඩිනමින් මැදිහත් වන ලෙසය.

සුපුන් ළහිරු ප්‍රකාශ්

Leave a comment

ld add copy

Gossip

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභා රැස්වීමක් පසුගිය 27 වෙනිදා පැවැත්විලා තිබුණා. ඒ, හිටපු ජනාධිපති...

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

Connet With Us