අනුෂගේ ගැහිලි හොයද්දී ගිණුම් 81 ක් ගැන විස්තර එළියට

Published in පුවත්
Thursday, 22 October 2015 08:29

විදුලි සංදේශ නියාමන කොමිසමේ ත්‍යාග මුදල් අයථා පරිහරණය කරමින් නීති විරෝධී ලෙස දේපළ උපයා ඇති බව කියන එම කොමිසමේ හිටපු අධ්‍යක්ෂක ජනරාල් අනූෂ පැල්පිට මහතාගේ හා බිරිඳගේ පුතුගේ ගිණුම් සම්බන්ධ විස්තර රහස් පොලිසියට ලබා දෙන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඊයේ (21) මූල්‍ය ආයතන 81ක කළමනාකරුවන් වෙත නියෝග නිකුත් කළේ ය.

පැල්පිට මහතා නුගේගොඩ ප්‍රදේශයේ ලක්ෂ 160ක අත්පිට මුදලට ඉඩමක් මිල දී ගෙන ඇති බවත් කොළඹ 7 ප්‍රදේශයේ සුවිසල් නිවාසයක් සාදමින් සිටින බවත් ලක්ෂ 90 කට නුගේගොඩ තවත් ඉඩමක් ඇතැයි මූල්‍ය බුද්ධි ඒකකයට තොරතුරු ලැබී ඇති බවට රහස් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණ.මෙම දේපළ ඔහු විසින් ලබාගෙන ඇත්තේ විදුලි සංදේශ නියාමන කොමිසමට ලද මුදල් බවට එම කොමිසමේ සේවකයින්ගේ ප්‍රකාශ මත කරුණු තහවුරු කර ගනිමින් සිටින බවට රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.

පසුගිය මැතිවරණයට සමගාමීව මිලියන 600ක සිල් රෙදි බෙදා දීමේ ව්‍යාපෘතිය, නෙළුම් කුලුන, සූරිය වැව අයිට් පාර්ක් යන ව්‍යාපෘතීන් සඳහා විශාල වශයෙන් කොමිසමේ මුදල් අයථා ලෙස ලබාගෙන ඇති බවට රහස් පොලිසිය පැල්පිට මහතා වෙත චෝදනා නගා තිබිණ.තවද කිසිදු ටෙන්ඩර් පටිපාටියකින් ‍තොරව පරිගණක මිල දී ගැනීමක් සම්බන්ධයෙන් ද රහස් පොලිසිය වෙත පැමිණිල්ලක් ලැබී ඇති බව පවසන පොලිසිය මූල්‍ය බුද්ධි ඒකකයේ සහාය ලබාගෙන විමර්ශන ඉදිරියට පවත්වාගෙන යන බව පැවසීය.

2010/12/30 දින නීතිඥ හා ප්‍රසිද්ධ නොතාරිස් එස්.එස්.ආර්.වීරසිංහ යන අය ලියන ලද ඔප්පු අංක 67, දේවාල පාර, නුගේගොඩ ලක්ෂ 90 ඉඩම සම්බන්ධයෙන් ද ලක්ෂ 160 අත්පිට මුදලට ගැනුණු නුගේගොඩ අනෙක් ඉඩම සම්බන්ධයෙන් ද තැරැව්කරුවන්ගෙන් හා නීතිඥවරුන්ගේ ප්‍රකාශ ලබාගෙන ඇති බවට රහස් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණ.

නො.283/බී, ශ්‍රී දේවානන්ද පාර, තුම්බෝවිල පිළියන්දල පදිංචි ගයාන් නිශාන්ත ශ්‍රී වසන්ත මහතා 2015/04/29 කරන ලද පැමිණිල්ලකට අනුව රහස් පොලිසිය මෙම සිද්ධියේ විමර්ශන ආරම්භ කර තිබේ.

විතානපැල්පිට කේරළාගේ අනූෂ පැල්පිට, බිරිඳ වන අනෝමා පැල්පිට හා පුතු පසන් අවිශ්ක පැල්පිට යන අයගේ බැංකු ගිණුම් විස්තර රහස් පොලිසිය වෙත ලබාදෙන ලෙස මොවුන් සම්බන්ධයෙන් 2006 මුදල් විශුද්ධිකරණ පත යටතේ විදුලි සංදේශ නියාමන කොමිසමේ ත්‍යාග මුදල් අයථා පරිහරණය හා නීති විරෝධි ලෙස මුදල් හා දේපළ උපයා ගැනීමට අදාළව විමර්ශන පවත්වන බවට රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.

අදාළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා රහස් පොලිසියේ ඉල්ලීම පරිදි පැල්පිට මහතාගේ හා ඔහුගේ බිරිය පුතුගේ ගිණුම් විස්තර ලබා දෙන ලෙසට මුල්‍ය ආයතන 81 කළමනාකරුවන් නියෝග නිකුත් කළේය.

ඒ අනුව රාජ්‍ය හා වාණිජ බැංකු 34 ක හා මුල්‍ය ෆිනෑන්ස් සමාගම් 47ක කළමනාකරුවන් වෙත මෙසේ නියෝග නිකුත් කෙරිණ.

 

dinamina

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us